ෆවුසි සජබයෙන් එළියට දමයි

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවීමටයි ඊයේ (08) රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී තීරණය වී ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාදීම පිළිබඳ යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන් මන්ත්‍රීවරයට එරෙහිව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට පක්ෂයේ විනය මණ්ඩලයට පැවරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ඒකමතිකව තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) විපක්ෂ නායක කාර්යාලයේ දී එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් වුණා.

සමගි ජනබලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම්. ෆවුසි තේරීපත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.09
00:00
Video thumbnail
ජවිපෙට හදවත් නෑ - හමුදාවේ පාණ්කඩයෝ හිටියේ නෑ..සලේ විරුවෙක් - ආනන්ද පාලිත කට අරියි
10:12
Video thumbnail
නාමල්, කෞෂල්‍යා එක්ක ගේම ඉල්ලයි - ඇයි ඇයි ඔයාට ප්‍රශ්නයක් ද..?
06:32
Video thumbnail
බිමල්ගේ කතාවෙන් නාමල්ට රතු කට්ට පනී - අපිට උපදෙස් දෙන්න එන්න එපා
02:11
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න - පඩ ෂෝ දැම්මා දැන් රෙද්ද අස්සේ
05:19
Video thumbnail
අපේ ආණ්ඩුවේත් ජෝකර්ලා හිටියා - කෙළවෙනකම් දන්නේ නෑ
05:50
Video thumbnail
මිනීම#වන් වෙනුවෙන් බෝධි පූජා කරනවා - ඒ මූණේ තියෙන්නේ මරණ බය
05:00
Video thumbnail
හර්ෂට යකා නගියි - නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - IMF එක කියන හැම පදයටම නටන්න එපා
10:35
Video thumbnail
අනුර කුමාර හිරේ යන්න ඕනේ - ඕනේ නම් මාව ම##න කියන්න
01:01
Video thumbnail
සත්‍යග්‍රහයට කඩා පැන්න කොල්ලෙක් එක්ක බල්ලෙක් ගේම ඉල්ලයි
01:35