ෆයිසර් එන්නත මාත්‍රා දෙකම ලබාගත් දොස්තරත් කොවිඩ් වැළඳී අවසන් ගමන් යයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සිහි රූට්ජර්ස් සරසවියේ මහාචාර්ය වෛද්‍ය රාජේන්ද්‍ර කපිල පසුගියදා ජීවිතක්ෂයට පත් වූයේ කොවිඞ් 19 ආසාදිත රෝග තත්ත්වයේ ගොදුරක් වීම නිසාය.

වසර පනහක කාලයක් පුරා නිව් ජර්සි සරසවිය, මාට්ලන්ඞ් සරසවිය සහ සහ මාට්ලන්ඞ් රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කළ ඔහු පසුගිය දා ඉන්දියාවේදී අභාවප‍්‍රාප්ත විය.

වියට්නාම් යුද සමයේදී වෛද්‍ය රාජේන්ද්‍ර ඔකිනාවා එක්සත් ජනපද හමුදාවේ සහකාර වෛද්‍ය ප‍්‍රධානියා ලෙසින්ද සේවය කළේය.

පසුගිය අප්‍රේල් මාසයේදී ඔහු ඉන්දියාවට පැමිණියේ වියපත්ව සිටින ඔහුගේ ඥාතීන් දැක බලා ගැනීමටයි.

ෆයිසර් එන්නතේ මාත‍්‍රා දෙකම ලබා සිටි ඔහු කිසිදු චකිතයක් නොමැතිව ඉන්දියාවට පැමිණෙන්නට ඇත්තේ එන්නත විසින් ඔහුට පූර්ණ ආරක්ෂාව ලැබී ඇතැයි යන විශ්වාසය මත විය හැකියි. මේ වන විට ඉන්දියාව තුළ සතියකට කොවිඞ් මරණ 2500 ක් පමණ වාර්තා වෙන කාලයක් විය.

එම සතිය තුළ ලෝකයේ වාර්තාගත කොවිඞ් මරණවලින් 27% ක්ම ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

ෆයිසර් එන්නත් මාත‍්‍රා දෙක ලබා සිටියත් වෛද්‍ය රාජේන්ද්‍රට ආරක්ෂාවක් ලැබුනේ නැත.

එන්නතකින් සිදු වෙන්නේ වෛරසයකට, ආසාදනයකට හෝ රෝගයකට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් අපේ සිරුර සූදානම් කිරීමයි.

රෝග කාරක ජීවියාගේ අක‍්‍රීය හෝ දුර්වල කරන ලද නැතහොත් එම ජීවියා ශරීරගත වූ විට ඇති කරන බලපෑමට සමාන බලපෑමක් ඇති කරන එකී ජීවියාගේ අනු පිටපතක් මිනිස් සිරුරට ඇතුළත් කිරීමයි.

එවිට එම ජීවියා සිරුරට ඇතුළු වී ඇති බව හඳුනාගත් ප‍්‍රතිශක්තිපද්ධතිය විසින් ඊට එරෙහිව සටන් කිරීම සඳහා ප‍්‍රතිදේහ නිපදවනු ලැබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග වැළැක්වීම සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානය පවසන අන්දමට එන්නත යනු රෝග සුව කිරීමට ඇති ඔසුවක් මෙන් නොව එම රෝගය වැළඳීමට තිබෙන අවස්ථාව වළක්වන හැකියාව ඇති ශක්තිමත් දෙයකි.

එන්නත නිපදවීමට ගත වුන කාලය කෙටියි..

කොවිඞ් වෙනුවෙන් එන්නත නිපදවීමට ගත වුණ කාලය කෙටි වීම නිසා එන්නත ගැන බොහෝ දෙනාගේ ඇත්තේ යම් සැකයකි. එහෙත් එන්නතක් නිපදවීම සඳහා විද්‍යාඥයෝ දිගු කාලයක් වැය කරති.

නමුත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය වේගවත් වූ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් විද්‍යාඥයෝ, සෞඛ්‍ය සංවිධාන සහ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලැබීම නිසා ඉක්මන් ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකි වී තිබේ.

ෆයිසර් සහ මොඩර්නා

ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් දෙකම හැඳින්වෙන්නේ MRNA (Messenger RNA) එන්නත් ලෙසයි. ඊට හේතුව මෙම එන්නත් නිපදවීම සිදුකර ඇත්තේ ජාන කේත (genetic code) කොටස් භාවිතා කරමින්ය. මේ එන්නතේදී කොවිඞ් 19 වෛරසය මතුපිට පවතින ‘‘ස්පයික් ප්‍රෝටීන’’ තැනීමට අපේ සිරුරේ ෙසෙල පොළඹවන අතර එම ප්‍රෝටීනයට ප‍්‍රතිචාර දක්වමින් ඊට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රතිදේහ නිපදවීමට ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ක‍්‍රියාත්මක වේ.

මේ අනුව කොවිඞ් 19 ඉදිරියේ අපේ ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට නම් ලෝක ජනගහනයට එන්නත් ලබා දීමට මාස ගණනාවක් සමහර විට වසර ගණනාවක් ගත විය හැකියි.

රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය සඳහන් කරන අන්දමට මෙම එන්නත ලබා දීමෙන් තමන්ට ආරක්ෂාව සැලසෙන අතර අනෙක් පුද්ගලයන් ආරක්ෂා කර ගැනීමටත් හැකි වේ. කොවිඞ් වසංගත තත්ත්වයට ඇති එකම විකල්පයත් එන්නත පමණි. කොවිඞ් ව්‍යාප්තිය වළක්වා ගැනීමට නම් ලෝක ජනගහනයෙන් 60% සිට 70% ක් අතර ප‍්‍රමාණයකට ප‍්‍රතිශක්තිය ඇති විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. කොරෝනාව යනු වෛරසයකි. එය විවිධ අන්දමින් විකෘති ප‍්‍රභේද ගොඩනඟන විට ඒ සමාන වේගයකින් කොවිඞ් 19 වෙනුවෙන් වූ එන්නත්වලට ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාවක් නැත.

* වෛද්‍ය රාජේන්ද්‍ර කපිල ගැන පසු සටහන

වෛද්‍ය රාජේන්ද්‍ර කපිල පිළිබඳව නිව් ජර්සි විශ්වවිද්‍යාලය මේ අන්දමින් පසු සටහනක් තබා තිබේ.

‘‘වඩාත් සංකීර්ණ බෝවන රෝග හඳුනාගෙන ප‍්‍රතිකාර කිරීමේදී ඔහුගේ පුරාවෘත දැනුම හා අසාමාන්‍ය සායනික බුද්ධිය වඩාත් ඵලදායී අන්දමින් යොදා ගත්තාය.

ඔහු විසින් මෙම රෝහලේ බෝවන රෝග වැඩසටහනක් ආරම්භ කළ අතර එය රටේ ප‍්‍රමුඛතම බෝවන රෝග වැඩසටහනක් බවට පත් කිරීමට මග පෙන්වන ලදී. ඔහුගේ බොහෝ ජයග‍්‍රහණවලට අපි ආචාර කරන අතර ඔහුගේ පවුලේ අයට අපගේ ශෝකය ප‍්‍රකාශ කරමු.

උපුටා ගැනීම – දිවයින පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27
Video thumbnail
එජාපයේ දෙබිඩි පිළිවෙතක් තියෙනවනම් එතන අපිට ඉන්න බැහැ - ආශුගෙන් දැඩි ප්‍රකාශයක්
03:34
Video thumbnail
නාමල්ට අල්ලස් දුන්නැයි කියන ජානකී රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:15
Video thumbnail
අගමැතිතුමිය එක්ක ෆොටෝ ගන්න අපිත් කැමතියි
00:54
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00
Video thumbnail
සජිත් එක්ක විරෝධතාවයට ආපු අය අපිත් එක්කත් ෆොටෝ ගැහුවා
04:06
Video thumbnail
පාර්ලිමේන්තුව ඉස්සරහා ලොකු වලියක් - හරකා උනාට උම්බෑ කියන්න එපා ඕයි
04:45
Video thumbnail
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඕනෑම ආපදාවකට සූදානම් - ත්‍රිවිධ හමුදාව යොදවලා තියෙන්නේ
04:51
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01