ෆයිසර්ට වැඩිය සයිනොෆාම් මට විශ්වාසයි – මහාචාර්ය විතාරණ

ෆයිසර් එන්නතට වඩා සයිනොෆාම් එන්නත යම් ආරක්ෂාකාරී බව තම පෞද්ගලික විශ්වාස යැයි මහාචාර්ය තිස්ස විතාරණ සදහන් කරනවා.

වෛරසවේදය පිළිබඳව ජාත්‍යන්තරය පිළිගත් විශේෂඥයකු මෙන්ම ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන මහාචාර්ය විතාරණ ඒ බව සඳහන් කරන්නේ අදාළ එන්නත් දෙක නිපදවන ආකාරයේ සංසන්දනය කරමින්.

එන්නත් දෙක හදන විදිහ

ෆයිසර් එන්නත කොවිඩ් වෛරසයේම කොටස් ගෙන සකස් කරන ලබන බව පෙන්වා දෙන මහාචාර්ය විතාරණ සයින සයිනොෆාම් එන්නත අක්‍රිය කරන ලද කොවිඩ් වෛරසය උපයෝගී කරගෙන නිපදවන ලද්දක් බවයි සඳහන් කරන්නේ.

මහාචාර්ය විතාරණ විශේෂයෙන්ම මේ අදහස් පළ කළේ මෙරට දරුවන්ට කඩිමුඩියේ ෆයිසර් එන්නත ලබාදීමට තීරණය නොකළ යුතු බව පෙන්වා දෙමින්.

එය අධ්‍යයනයකින් පසු සිදුකළ යුතු බවත් මහාචාර්ය විතාරණ පෙන්වා දෙන්නේ ඇමෙරිකාවද උදාහරණයට ගනිමින්.

ඇමරිකාවේ ස්ථාවරය

ඇමරිකාව පවා ෆයිසර් එන්නත දරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් තවමත් අධ්‍යයනය කරන බවයි මහාචාර්ය විතාරණ සඳහන් කරන්නේ.

එවන් පසුබිමක රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ට එම එන්නත ලබාදීමට හදිසි නොවිය යුතු බවයි මහාචාර්ය විතාරණගේ මතය වන්නේ.

ඊට තවත් හේතුවක් මහාචාර්ය විතාරණ පෙන්වා දෙනවා.

අනාගත ප්‍රභේද

දැනට කොවිඩ් සඳහා භාවිතා කරන එන්නත් සියල්ලම හදිසි අවශ්‍යතා සඳහා භාවිතා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර දී ඇති මුත් ඉදිරියේදී නව ප්‍රභේද ඇති වූවොත් ඒවායින්ද ආරක්ෂා විය හැකි එන්නත් නිෂ්පාදනය වීමට ඉඩකඩ ඇතිව තිබීමයි.

රටේ අනාගතය භාර දරු දැරියන්ට එන්නත් ලබා දීමේදී ඒ පිළිබඳවත් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවයි මහාචාර්ය විතාරණගේ යෝජනාව වන්නේ.

මහාචාර්ය තිස්ස විතාරණ මෙම අදහස් පළ කර තිබුණේ දිනපතා ජාතික පුවත්පතක් සමගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
148
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09