ළිඳකට වැටී හය හැවිරිදි දැරියකට දිවි අහිමිවෙයි

මදුරන්කුලිය, විරුතොඩේ ප්‍රදේශයේ දී ළිඳකට වැටීමෙන්කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 06ක දැරියක් බවයි පොලිසිය පවසන්නේ.

අදාළ දැරිය තම නිවස අසළ පිහිටි ළිඳෙන් පනිට්ටුවක් ආධාරයෙන් ජලය ලබාගැනීමට යාමේ දී මෙලෙස ළිඳට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ළිඳට වැටුණු දැරිය ඉන් ගොඩගෙන පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇය ඊයේ (15) මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.