ළිඳකට වැටී කතක් මිය ගිහින්

යාපනය, අරාලි බටහිර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ළිඳකට වැටීමෙන් ඊයේ (11) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ කාන්තාව ළිඳෙන් වතුර ගැනීමට ගිය අවස්ථාවේ ඇය මෙලෙස ළිඳට වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 69 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්.

ළිඳට වැටුණු කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.