ළමුන් යනු රජයක මූලික වගකීම – පාසල දරුවාට ආරක්ෂිත විය යුතුයි – අගමැතිනිය (ඡායාරූප)

පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑමක් වාර්තා වන බවත්, තවදුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදු කිරීමට නොතැබිය යුතු බවත්, එවැන්නක් වාර්තා වූ වහාම විදුහල්පතිවරුන් විසින් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ, කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවම්වත් කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (27) සංවිධානය කරන ලද වැඩසටහනකදීයි.

”ළමුන් යනු රජයක මූලික වගකීමක් බවත්, ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් තැබීමෙන් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත්, ඔවුන්ගේ උපරිම යහපත වෙනුවෙන් කටයුතු කිරීමටත් බැඳී සිටින බවත්, එබැවින් එම වගකීම රජයට මෙන්ම පාසල් පද්ධතිය භාරව කටයුතු කරන රජයේ නියෝජිතයන් වන සියලුම නිලධාරීන්ටත් පැවරෙන බවත්” අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නා.

මෑතක සිට වර්තා වන ළමා අපයෝජන දෙස බැලීමේ දී, පාසල් පද්ධතිය තුළ දරුවන්ට මුහුණ දීමට සිදුව ඇති ළමා අපයෝජනවල සංඛ්‍යාත්මක වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, එහෙත් නිවස මෙන් ම පාසල ද දරුවන්ට ආරක්ෂිත හා හිතකර පරිසරයන් විය යුතුව ඇති බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, දෙමාපියන් දරුවන් පාසල් යවන්නේ පාසලේ විදුහල්පති සහ ගුරුවරුන් කෙරෙහි ඇති විශ්වාස මත බවත්, එබැවින් පාසල දරුවාට කිසිසේත් ම අනාරක්ෂිත ස්ථානයක් බවට පත් නොකළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා.

පාසල් පද්ධතිය තුළ, ළමුන්ට එරෙහිව සිදු වන කුමන ආකාරයක හෝ හිංසනයන් තවදුරටත් සිදු නොවිය යුතු බවත්, පාසල තුළ දී දරුවා මුහුණ දෙන්නේ ශාරීරික අපයෝජනයකට වුවත්, ලිංගික අපයොජනයකට වුවත්, වෙනත් ආකාරයක නොසළකා හැරීමකට වුවත්, මානසික අපයෝජනයකට වුවත් එය සැඟවීම හෝ එය නොතකා කටයුතු කිරීම නොකළ යුතු බවයි හරිනි අමරසූරිය අගමැතිවරිය වැඩිදුරටත් අවධාරණය කළේ.

එබඳු ක්‍රියා නොතකා හරිමින් කටයුතු කරන්නේ නම් එය සමස්ත පාසල් පද්ධතියේ ම අසාර්ථකත්වයට හේතු වන බැවින්, එවන් අවස්ථාවන්හි දී ඉතාමත් ඉක්මනින් සහ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නා.

ළමා අපයෝජනයට නිසි ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වන සෑම විටකම ඊට මුහුණ පෑ දරුවාට ශාරීරිකව සහ මානසිකව ආපසු හැරවිය නොහැකි ආකාරයේ හානියක් සිදු වන බවත්, එබැවින් අවස්ථාවෝචිත මැදිහත්වීමකින් ජීවිතයක් බේරා ගැනීමටත්, ආත්ම ගෞරවය ආරක්ෂා කොට යුක්තිය සහතික කිරීමට හැකියාව ලැබෙන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා.

ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් නිලධාරීන් ළමුන්ට එරෙහි සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් හඳුනා ගැනීමටත්, වැළැක්වීමට, වාර්තා කිරීමටත් අදාළ දැනුම සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය ක්‍රමෝපායන් පිළිබඳව දැනුම්වත් වීම ඉතාම වැදගත් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, නිරන්තරයෙන් දරුවන් සමඟ සම්බන්ධ වන ඔබ සියලු දෙනා ළමා අයිතිවාසිකම් පිළිබඳවත්, නීතිමය ආරක්ෂණ ක්‍රම පිළිබඳවත් දැන සිටිය යුතු බවත්, ළමා මනස තෙරුම් ගැනීමටත් දරුවන් සමඟ නිවැරදිව කටයුතු කිරීමටත් උපකාරී වන ළමා මනෝවිද්‍යාව හදාරා තිබීමත් ඉතා ම වැදගත් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මතක් කර සිටියා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, එල්.ටී. බී. දෙහිදෙනිය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් ,විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් ද එක් ව සිටියා.

WhatsApp Image 2025 05 27 at 18.34.18
WhatsApp Image 2025 05 27 at 18.34.19
WhatsApp Image 2025 05 27 at 18.34.19 1
WhatsApp Image 2025 05 27 at 18.34.20
WhatsApp Image 2025 05 27 at 18.34.20 1
WhatsApp Image 2025 05 27 at 18.34.21
WhatsApp Image 2025 05 27 at 18.34.22 1
WhatsApp Image 2025 05 27 at 18.34.23
WhatsApp Image 2025 05 27 at 18.34.24
WhatsApp Image 2025 05 27 at 18.34.24 1
WhatsApp Image 2025 05 27 at 18.34.25
WhatsApp Image 2025 05 27 at 18.34.26


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30