ළමුන්ගේ දිවා ආහාරය ගැන බැලීමට ඇමරිකානු තානාපතිනිය ඇඹිලිපිටියේ පාසලකට(ඡායාරූප)

මෙරට පාසල් දිවා ආහාර වැඩසටහන නිරීක්ෂණය සදහා ඇමරිකානු තානාපති ජූලි චංන්ග් මහත්මිය ඇඹිලිපිටියේ සංචාරයක නිරත වුණා.

ඇය ඇඹිලිපිටියේ ගල්වංගුව ගුරුආරගම විද්‍යාලය නිරීක්ෂණය කළේ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද සමගයි.

පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන සඳහා ඇමරිකානු රජය අනුග්‍රහය දක්වන අතර එම වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම ඇමරිකානු තානාපතිනිගේ ඇඹිලිපිටිය පාසල නිරීක්ෂණයේ අරමුණ වී තිබුණා.

තානාපතිනියගේ මෙම සංචාරයට සමගාමීව ගුරුආරගම විද්‍යාලයේ සිසුන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇති අතර, කියවීම් පොත් ප්‍රධානයක්ද සිදු කළා.

WhatsApp Image 2023 03 21 at 13.38.08
WhatsApp Image 2023 03 21 at 13.38.07
WhatsApp Image 2023 03 21 at 13.38.04
  1. ME BALLO ME GENIWA RAWATTANNA EDATA WITHARAK DARUWANTA KEMA WELA DEELA. EKEN MUN DARUWO WAGEMA ME GENITH RAWATTALA. BALAPALLA DARUWO AMUTHU KEMAK LAUNA WAGEYI SATHUTIN KANA HATI. EKENMA PENAWA NEDHA EDHAMAYI UNTA EHEMA KEMA LAUBUNE KIYALA. UNTA EHEMA WELAK KAWADAWATH LABILA NATHI BAWA UNGE AVYAJA PUHUNA M=PURA UTHURA YANA SATHUTEN THERUM GANNA HAKIYI NEDHA. BORUKARA PARA JADA NAKI HAMPADA HORIKAADA DESHAPALU HATHTHA.