ළමා රැඳවුම් මධ්‍යස්ථානයක දැරියන්, පිරිමින්ට විකිණූ බව කියන පාලිකාවක් ගැන විමර්ශන අරඹයි

පරිවාස දෙපාර්තමේන්තුවට අයත් මහනුවර ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින දැරියන් ලිංගික කටයතු සදහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කළ බව කියන පාලිකාවක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

මහනුවර – වේරලවත්ත ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්ධයෙන් මෙලෙස පොලිස් විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.

අධිකරණ නියෝග අනුව පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින දැරියන් අදාළ පාලිකාව විසින් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට එම රැඳවුම් මධ්‍යස්ථානය තුළ දීම මුදලට අලෙවි කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මඩාටුගම පොලිස් වසමේ පදිංචි 17 හැවිරිදි දැරියක් විසින් ඊයේ (08) රාත්‍රියේ මඩාටුගම පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස විමර්ශන අරඹා තිබෙනවා.

දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයකට අනුව මෙම දැරිය ඉකුත් ජනවාරි මාසයේ අවසන් භාගයේ දිනක සිට මහනුවර – වේරලවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට කටයුතු කර ඇති බව සඳහන්.

එම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් අතර සිටින එක් පාලිකාවක විසින්, අවස්ථා කිහිපයක දී රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින දැරියන් ලිංගික කටයුතු සඳහා පිරිමි පුද්ගලයන්ට මුදලට අලෙවි කර ඇති බවත්, එම රැඳවුම් මධ්‍යස්ථානය තුළදීම ඔවුන්ට අවශ්‍ය කාමර පහසුකම් ලබාදීමට ද එම පාලිකාව කටයුතු කර ඇති බවටත්, තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

ඒ, අනුව, අදාළ පාලිකාව විසින් එහි රඳවා සිටි එක් දැරියක් ඉකුත් අප්‍රේල් මාසයේ දී මෙලෙස පිරිමි පුද්ගලයින් 06 දෙනෙකුට මුදලට අලෙවි කර මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බවට ද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

එම පාලිකාව විසින් වයස අවුරුදු 20ත් 40ත් පමණ වන පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සඳහා මෙම දැරිය අවස්ථා කිහිපයක දී අලෙවි කර ඇති බවත්, එම කටයුතු සඳහා ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පිහිටි වෛද්‍ය කාමරය යොදා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දැරියට අමතරව එම රැඳවුම් නිවාසයේ සිටින වෙනත් දැරියන් ද වරින්වර එහි පැමිණෙ පිරිමි පුද්ගලයන්ට අලෙවි කිරීමට එම පාලිකාව කටයුතු කළ බවද පැමිණිලිකාර දැරිය පොලිසියට පවසා තිබෙනවා.

පැමිණිලිකාර දැරියගේ ආරක්ෂාව සඳහා මේ වනවිට මඩාටුගම පොලිස් ස්ථානය භාරයේ රඳවාගෙන සිටින අතර, වෛද්‍ය පරීක්ෂනයක් සඳහා ඇය අද (09) අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54