ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානයට

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සකස් කරන ලද ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය කෙරෙහි ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ ලෙස අවධානය යොමු වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීයි මේ පිළිබඳව සාකච්ඡා කර ඇත්තේ.

මෙම සාකච්ඡාවට කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්, වෙරිටේ පර්යේෂණ ආයතනයේ නියෝජිතයන් සහ ආංශික අධීක්ෂණ කාරක සභාවට පත් කළ තරුණ නියෝජිතයෝ සහභාගි වී සිටියා.

මුළු රටටම අදාළ වන පරිදි සකස් කර ඇති මෙම ජාතික ප්‍රතිපත්තිය මේ වන විට කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති අතර ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට පියවර ගන්නා බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම, රට තුළ ක්‍රියාත්මක දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැති බවත් එම ලියාපදිංචි කිරීම් පළාත් සභා යටතේ සිදුවන බැවින් විවිධ පළාත්වල විවිධ ක්‍රමවේද අනුගමනය කරන බවත් කමිටුවේ නිරීක්ෂණයට ලක්වුණා. මේ අනුව ඕනෑම පළාතක වූවද දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය බැවින්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි ‌ක්‍ෂේත්‍ර මෙන්ම සමස්ථ රටටම පොදු යාන්ත්‍රණයක් අවශ්‍ය බව මෙහිදී කාරක සභාව පෙන්වා දෙනු ලැබුවා.

ඒ අනුව පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

මේ අතර, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සබරගමුව පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. ඒ අනුව මෙම නියමු ව්‍යාපෘතිය හරහා ලබා ගන්නා නිරීක්ෂණ සහ ප්‍රතිඵල විශ්ලේෂණය කර ඒ අනුව ඉදිරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව වෙරිටේ පර්යේෂණ ආයතනයේ නියෝජිතයෝ පෙන්වා දුන්නා. ඒ අනුව, මෙම නියමු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්වරයාගෙන් වාර්තාවක් ලබාගන්නා ලෙසටයි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය උපදෙස් දෙනු ලැබුවේ.

එමෙන්ම ආංශික අධීක්ෂණ කාරක සභාවලට පත්කළ තරුණ නියෝජිතයින් ද මෙහිදී අදහස් ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23