ළමා අපයෝජන පිළිබඳ ගැටලු විසඳන නිර්දේශ ඇතුළත් වාර්තාව සකස්කර අවසන්

ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන පිළිබඳ ගැටලු විසඳීම සඳහා වන නිර්දේශ ඇතුළත් වන වාර්තාව සකස් කර අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසනවා.

ඒ ඇයගේ සභාපතිත්වයෙන් යුත් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හා ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකාබද්ධව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ඒකාබද්ධව අදාළ සියලු ආයතන හා නිලධාරීන්ගේ අදහස් හා යෝජනා මත මෙම ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන පිළිබඳ ගැටලු විසඳීම සඳහා වන නිර්දේශ ඇතුළත් වන වාර්තාව සකස් කළ බව සංසදයේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

මෙම වාර්තාවේ පවතින නිර්දේශ ක්‍රියාත්මක වීම ඔස්සේ ශ්‍රී ලංකාවේ සිදුවන ළමා අපයෝජන තත්ත්වයන් අවම කිරීමට හා පාලනය කිරීමට ප්‍රායෝගික මට්ටමින් ඉඩ ප්‍රස්ථා ලැබෙන බව ද මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය අවධාරණය කළා.

මේ අතර දිවයින පුරා පාසල්වල ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ඒකාබද්ධ ජාලයක් යටතේ සිදු කිරීමට මේ වනවිට සැළසුම් සකස් කර ඇති බවයි ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරිය කියාසිටියේ. මේ ඔස්සේ පාසැල් දරුවන් අපහසුතාවයට පවත් නොවන ආකාරයට මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන බවද සංසදය පෙන්වා දුන්නා.

ළමුන් සඳහා ලිංගික අධ්‍යාපනය නිවැරදිව නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මතුව ඇති ගැටලු සම්බධයෙන්ද මෙහිදී සාකච්ජා වුණා. වයස් ඛාණ්ඩ අනුව ළමුන් සඳහා ලිංගික අධ්‍යාපනය නිවැරදිව ලබාදීම සඳහා මේ වනවිට නව විෂය නිර්දේශ මාලාවක් සම්පාදනය කර අවසන් බවයි එහිදී අදහස් දක්වමින් සභාපතිවරිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37