spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ළදරුවන්ට ගර්භාෂය තුළදී කොවිඩ් වැලදීමේ ප්‍රවනතාවයක්! ඉපදෙනවිටම බිළිඳුන් 70කට කොවිඩ්

කොවීඩ් ආසාධිත මව්වරුන්ගෙන් නව ජන්ම ළදරුවන්ට ගර්භාෂය තුළදී රෝගය වැලදීමේ ප්‍රවනතාවය වැඩි බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි.

සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනකු පමණ මේ වනවිට උපත ලබා ඇති බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

එම සියලු බිළිඳුන් වෙන් වෙන්ව ආරක්ෂා සහිතව රැකබලා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

කොළඹ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් කාසල් වීදිය කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා සඳහන් කළේ ඉදිරියේදී සෑම රෝහලකම කොවිඩ් ආසාදිත බිළිඳුන් රැකබලා ගැනීම සඳහා වෙන්ව ඒකකයක් පිහිටුවීමට පියවර ගත යුතු බවයි.

ගැබිණි කාන්තාවන්ට කොවිඩ් -19 ආසාදනයවීම වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?