ළඟම පාසලට යෑමට ගුරුවරුන්ට අවස්ථාව

ඉන්ධන අර්බුදයත් සමඟ ඇතිව තිබෙන ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන ගුරුවරුන්ගේ සේවය ලබාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.


අදාල චක්‍රලේඛය නිකුත්කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි.

එම චක්‍රලේඛයේ පිටපත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්, මුදල් කොමිෂන් සභාවේ ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂ (ජාතික පාසල්) වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

එමඟින් දැක්වෙන්නේ කොන්දේසි කිහිපයකට යටත්ව ගුරුවරුන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන පහසු පාසල් වෙත තාවකාලික සේවා අනුයුත්ක ලබාදීමට සලකාබලන ලෙසයි.

සියලුම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කරමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

WhatsApp Image 2022 06 17 at 3.13.36 PM


අපගේ නවතම වීඩියෝ පුවත්