හෝර්මූස් සමුද්‍ර සන්ධිය මග හරිමින් නව වරායක් ඉදිකිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවධානය යොමුව තිබෙනවා.
ඉරානය විසින් හෝර්මූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙළඳාමට සිදුවන බාධාවන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ .
ඒ, අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නැගෙනහිර වෙරළ තීරයේ මෙම නව වරාය සහ බහාලුම් පර්යන්තයක් ඉදිකිරීමට ඩීපී වර්ල්ඩ් සැලසුම් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර ඇත්තේ.
ෆුජයිරා වෙරළබඩ ප්‍රදේශයේ මෙම නවතම බහුකාර්ය වරාය ඉදි කිරීමට මේ වනවිටත් සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මෙම ව්‍යාපෘතිය මාස 18ක් ඇතුළත සූදානම් කළ හැකි බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.














UAE කියන්නේ තෙල් සම්පත තියෙන රටක් නේ. ඒ අයට ඕන තීරණයක් අරන් ක්ෂනිකයෙන් කරන්න පුළුවන් . ඒක ලෝක වෙලදාමට මහත් ප්‍රයෝජනයක් වේවි