හෝර්ටන් තැන්නට ඩයගමින් නව පිවිසුමක්

ජෛව විවිධත්වය අනුව උණුසුම් ස්ථානයක් (Hotspot) ලෙස සැළකෙන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ වීම සඳහා ඩයගම ප්‍රවේශපත් කවුළුවක් ස්ථාපිත කර තිබෙනවා.

එය ලබන 28 වනදා පෙරවරු 10ට සංචාරකයන් සඳහා විවෘත කිරීමට නියමිතයි.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයින් විශාල සංඛ්‍යාවක් පැමිණෙන ජනප්‍රිය ජාතික උ්‍යානයක් වනඅතර මේ වර්ෂයේ ජුනි මාසය වනතෙක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 150000ක් පමණ වනවා.

ඩයගම ප්‍රවේශයෙන් හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වන සංචාරකයින්ට උද්‍යානය තුල සංචාරය කිරීමට ස්වභාවික මංපෙත් භාවිතා කළ හැකි වන්නේ පාගමනින් සහා පාපැදි මගින් පමණයි.

මුලුමනින්ම ස්වභාවික මංපෙතක් වන මෙම මාර්ගයේ වාහන භාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන අතර මෙම මාර්ගය පරිසර හිතකාමී ස්වභාවික මංපෙතක් ලෙසනුයි ක්‍රියාත්මක වන්නේ.

ඩයගම මාර්ගය විවෘත වීමත් සමග හෝර්ටන් තැන්නට මාර්ග 3කින් පිවිසීමට හැකියාව ලැබෙනවා.

ඔහිය සහ පට්ටිපොල මාර්ගයෙන් පැමිණෙන සංචාරකයින්ට ඩයගම මාර්ගයෙන් ද පැමිණ හොර්ටන් තැන්න ජාතික උද්‍යානය නැරඹීමේ අවස්ථාවඋදාවන අතර එය සංචාරකයින්ට පහසුවක් වනවා.

ප්‍රවේශපත් නිකුත් කිරීමේ කවුළුවල පවත්නා අනවශ්‍ය තදබදය ද මගහරවා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙන බවයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යනයේ පිහිටි ලෝකාන්තය, චිමිණි පොකුණ, බේකර්ස් ඇල්ල, කිරිගල්පොත්ත සහ තොටුපල කන්ද සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ලෙස හැදින්විය හැකියි.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයටම ආවේණික වූ සත්ව හා ශාක විශේෂ රාශියක් පවතින අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා සියල්ල ආරම්භ වන්නේ ද හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32