හෝමූස් හරහා යන නැව්වලින් ගාස්තුවක් අය කිරීමට ට්‍රම්ප් ගත් තීරණය හකුලා ගනී

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකාවලින් 20%ක ගාස්තුවක් අයකර ගැනීමට අදාළ සැලැස්ම ඉවත් කර ගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

එම ක්‍රියාමාර්ගය වෙනුවට ගල්ෆ් කලාපයේ හවුල්කාර රටවල් සමඟ වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇති බවට ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.