හෝමාගම කර්මාන්ත ශාලා ගින්න ගැන කඩිනම් විමර්ශන වාර්තාවක් ලබාදෙන ලෙස කම්කරු නි.ඇමතිගෙන් උපදෙස්

හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද (21) උදෑසන හටගත් ගින්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම මෙම ගින්නෙන් මියගිය සේවකයින්ගේ පවුල්වලට, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සිය බලවත් ශෝකය හා සංවේගය පළ කළ කරන බවයි කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ෂණයේදී ගින්නට හේතු වූ කරුණු, කර්මාන්ත ශාලාවේ ගිනි ආරක්ෂණ හා වෘත්තීය සුරක්ෂිතතා ප්‍රමිතීන්, සේවකයින්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පහසුකම් සහ හදිසි ගැලවීමේ ක්‍රමවේදයන් ඇතුළු කරුණු පිළිබඳ පුළුල් අවධානයක් යොමු කරන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම කර්මාන්තශාලා ආඥා පනත සහ අදාළ වෘත්තීය සුරක්ෂිතතා නීතිරීති වලට අනුකූලව කටයුතු කර තිබුණේද යන්න සහ සිද්ධියට හේතු වූ වගකීම් සහගත හෝ නොසැලකිලිමත් ක්‍රියාමාර්ග තිබේද යන්න සම්බන්ධයෙන්ද විමර්ශනය සිදු කරන ලෙසද අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්දට දන්වා ඇති බව සඳහන්.

මීට සමගාමීව අනතුරුදායක සහ අවදානම් රැකියා සහිත සේවා ස්ථාන සහ එහි සේවයේ නියුතු ශ්‍රමිකයින්ගේ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය පිළිබඳව සොයා බලන ලෙස ද ඔහු වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.

හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද (21) උදෑසන හටගත් ගින්නෙන් පුද්ගලයින් පස් දෙනෙක් පිලිස්සී මිය ගියා.

  1. සමහරවිට ඒ මැරුණ පස් දෙනාගෙ ඉරණම විසඳන්න තිබෙන නිසාම ගින්න හට ගන්න ඉඩ තියෙනවා. සසරෙ කල අකුසල කර්ම පල දෙන විදිය අප කාටවත් කියන්නවත් කලින් දකින්නවත් බෑනෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51