හෝටලයක කැසිනෝ ශාලාවක ගින්නකින් 10ක් මරුට

කාම්බෝජයේ තායිලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි හෝටලයක කැසිනෝ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී 11.30ට පමණ ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න ඇති වන විට ගොඩනැගිල්ලේ පුද්ගලයින් 400ක් පමණ සිට ඇති බව තායිලන්ත පොලිසිය පවසනවා.

ඇතැම් පුද්ගලයන් ඉහළ මහලෙන් පනින හෝ වැටෙන ආකාරය සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල දැක්වෙනවා.

තුවාල ලැබූවන්ගෙන් පිරිසක් තායිලන්තයේ ප්‍රධාන රෝහල් වෙත මාරු කර යවා තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Poipet යනු තායිලන්තය සහ කාම්බෝජය අතර පිහිටි ප්‍රධාන හරස් මාර්ගයක්.

තායිලන්තයේ සූදුව බොහෝ දුරට නීති විරෝධී බැවින් බොහෝ තායි ජාතිකයන් කැසිනෝ සඳහා එහි පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43