හොර පාරෙන් ගෙනා භාණ්ඩ නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එමින් සිටි වියළි මුහුදු කූඩැල්ලන් ඇතුළු භාණ්ඩ තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදාව, කල්පිටිය, සින්නඅරිච්චා‍ලයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ (18) රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකින්.

එහිදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එමින් සිටි වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 193ක් සහ තවත් භාණ්ඩ ‍තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

මිලිලීටර් 6 ෂැම්පු පැකට් 33600 ක්, ග්‍රෑම් 50 බාම් ඇසුරුම් 198ක්, වායු සමීකරණ යන්ත්‍රයක්, Voltage Stabilizer 230 V යන්ත්‍රයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වියළි මුහුදු කූඩැල්ලන් ඇතුළු නීති විරෝධී ලෙස රැගෙන එන ලද භාණ්ඩ තොගය, ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සදහා කටුනායක රේගු කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇලකින් හමුවෙයි - ඝා##නයක්ද යන්න තවමත් සැකයක්
01:50
Video thumbnail
ගගේයායෙන් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය - "අවු:70 වෙනවා කවදාවත් මෙහෙම ගෙඩියක් දැකලා නෑ"
02:12
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
00:46
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ගම්බිම් බලා රැගෙන ගිය හැටි - "මං අල්ලලා බලන්නේ මේ මල්ලිද කියලා"
02:19
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
01:11
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරය කඳුළු ගංඟාවක් වෙයි.."මැණික නැගිටින්න..ඔයා නැතුව කොහොමද ඉන්නේ?"
03:52
Video thumbnail
නීතිඥවරියක් වීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගුරුවරියක් සහ ස්වාමියා කොටු
02:12
Video thumbnail
පුවක්වත්ත මංසන්ධියේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු..වාහනත් පෙරලගෙන යන්නේ
01:09
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57