හොර ඩොලර් එක්ක විදේශිකයින් දෙදෙනෙක් හබරාදූව ලැගුම්හලක දී අල්ලයි

හබරාදූව පොලිස් වසමේ පිලල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන සිටින විදෙස් ජාතිකයින් දෙදෙනෙක් හබරාදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා විසින් ව්‍යාපාරික ස්ථානයක් වෙත ගනුදෙනු සඳහා ව්‍යාජ ඩොලර් 400ක මුදලක් ලබාදුන් බවට ලද පැමිණිල්ලකට අනුව ඊයේ (07) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු විදේශිකයින් පරික්ෂා කිරීමේ දී ඔවුන් සංචාරක වීසා මත මෙරට රැඳී සිටින බවට අනාවරණය වී ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී තවත් ව්‍යාජ ඩොලර් 5200ක මුදලක් ද සොයාගෙන තිබෙනවා.

ව්‍යාජ විදෙස් මුදල් සමඟ අත්අඩංගුවට ගැනුණු අදාල විදේශිකයින් දෙදෙනා අවුරුදු 26 හා 27 වයස්වල පසුවන තජිකිස්තාන ජාතිකයින් බවයි පොලිසිය පැවසුවේ.

හබරාදූව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16