හොර ඡන්ද පොළක් ගැන ජනක රත්නායකගෙන් පැමිණිල්ලක් (වීඩියෝ)

ඇඹිලිපිටිය නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානයක ව්‍යාජ ඡන්ද පොළක් පවත්වා ප‍්‍රතිඵල ලේඛනයක් සමාජ මාධ්‍යට නිකුත් කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙසට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනධිපති අපේක්ෂක ජනක රත්නායක අද (01) ඇඹිලිපිටිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජාතික ජනබලවේගයේ පාක්ෂිකයින් පිරිසක් විසින් මෙම ව්‍යාජ ඡන්ද පොළ පවත්වා ඇති බවයි ජනක රත්නායක පැවසුවේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් අපේක්ෂකයින් කිහිපදෙනෙකු තෝරාගෙන ව්‍යාජ ඡන්ද පත‍්‍රිකාවක් ද සකසා මෙම ඡන්ද පොළ පවත්වා ඇති බවයි ඔහු සඳහන් කළේ.

ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය අගොස්තු 21 හෝ ඊට ආසන්න දිනයක ඇඹිලිපිටිය නගර සභාව ඉදිරිපිට දී තෝරාගත් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ව්‍යාජ ඡන්ද පොළ පවත්වා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලක් ද ඉදිරිපත් කළ බව ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14