හොර ආරක්ෂිත ස්ටිකර් ගැසූ මත්පැන් නිෂ්පාදන ආයතන 03ක බඩු මාට්ටු

වෙළඳපොළේ අලෙවියට තබා ඇති මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ඇති බවට ලද තොරතුරු මත මේ වනවිට වැටලීම් ආරම්භකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ, අනුව සිදුකළ වැටලීම්වල දී නැගෙනහිර පළාතේ මත්පැන් නිෂ්පාදන ආයතන 03කට අයත් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවා තිබිය දී සොයා ගැනීමට හැකි වූ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර එම මත්පැන් නිෂ්පාදන ආයතන 03 සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයන් දිනක් ඇතුළත තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මත්පැන් වර්ගවල නිර්ව්‍යාජ භාවය, ප්‍රමිතිය, අදාළ බදු ගෙවන බවට තහවුරුකර ගැනීම සඳහා මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇලවීමේ ක්‍රමවේදය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26