හොර අරක්කු බෝතල් 5,575ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 5,575ක් සමඟ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 43ක් වන මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.

සැකකරු සහ අදාළ නීතිවිරෝධී මත්පැන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted