හොර අත්සන් ගසා නඩු වාර්තාවක් ගත් අධිකරණ සේවකයෙකු අත්අඩංගුවට

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකුගේ අත්සන ව්‍යාජව යොදා, පානදුර මහාධිකරණයෙන් නඩුවාර්තා පිටපත් ලබාගත් අධිකරණ සේවකයෙකු පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර මහාධිකරණ රෙජිස්ටාර්වරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව, දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු පානදුර මහාධිකරණයෙන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ස්ථාන මාරුවීම් ලබාගොස් යළි ස්ථානමාරුවක් ලබා කම්කරු අමාත්‍යාංශයේ රාජකාරි සිදුකරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මත්කුඩු ජාවාරම් කිරීම සහ ගිනිඅවි සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා එල්ලවී 2018 වර්ෂයේ සිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවියකුගේ බිරිඳ සිය සැමියාගේ නඩුවට අදාල සහතික කළ පිටපත් ලබාගැනීම සදහා මහාධිකරණ කාර්යාලයට පැමිණ තිබෙනවා.

එහිදී සැකකාර සේවකයා ඇයට සහාය වී රැඳවියාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා නඩුවාර්තා පිටපත් ලබාදීමට කටයුතු කර ඇති බවයි හෙළිව ඇත්තේ.

සැකකරු රාජ්‍ය සේවයේ වසර 21ක කාලයක් සේවය කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43