spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොර අත්සන් ගසා නඩු වාර්තාවක් ගත් අධිකරණ සේවකයෙකු අත්අඩංගුවට

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකුගේ අත්සන ව්‍යාජව යොදා, පානදුර මහාධිකරණයෙන් නඩුවාර්තා පිටපත් ලබාගත් අධිකරණ සේවකයෙකු පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර මහාධිකරණ රෙජිස්ටාර්වරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව, දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු පානදුර මහාධිකරණයෙන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ස්ථාන මාරුවීම් ලබාගොස් යළි ස්ථානමාරුවක් ලබා කම්කරු අමාත්‍යාංශයේ රාජකාරි සිදුකරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මත්කුඩු ජාවාරම් කිරීම සහ ගිනිඅවි සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා එල්ලවී 2018 වර්ෂයේ සිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවියකුගේ බිරිඳ සිය සැමියාගේ නඩුවට අදාල සහතික කළ පිටපත් ලබාගැනීම සදහා මහාධිකරණ කාර්යාලයට පැමිණ තිබෙනවා.

එහිදී සැකකාර සේවකයා ඇයට සහාය වී රැඳවියාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා නඩුවාර්තා පිටපත් ලබාදීමට කටයුතු කර ඇති බවයි හෙළිව ඇත්තේ.

සැකකරු රාජ්‍ය සේවයේ වසර 21ක කාලයක් සේවය කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?