හොරෙන් විදුලිය ගත් මහරගම නගරාධිපතිගේ පියා

විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියෙකු සිය හෝමාගම ගලවිලවත්ත ශාන්ති මාවතේ නිවස ඉදිරිපිටට එළිය වැටෙන ආකාරයෙන් හොර රහසේ විදුලිය ලබාගෙන තිබිය දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.

සැකකාර එම විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් නිලධාරීවරයා මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාගේ පියා බව පොලිසිය කියයි .නගරාධිපතිවරයා පදිංචිව සිටින්නේ ද එම නිවසේ බව පොලිස් නිලධාරියකු පැවසුවේ.

බොහෝ අවස්ථාවල පස්වරුවේ සිට පසුදින පෙරවරුව දක්වා මහරගම නගරාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට විදුලි කණුවලට සවිකර තිබෙන අධිබලති විදුලි බල්බ දැල්වෙමින් තිබෙන බවට දින කීපයක සිට ලද පැමිණිලි සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී මාර්ගයේ තිබෙන විදුලි කණු වලින් අධිබලති විදුලි බල්බ වලට හොර රහසේ විදුලිය ලබාගෙන ඇති බවට අනාවරණය වූ බව වැටලීම සිදුකළ නිලධාරියෙක් සඳහන් කර සිටියේ.

සැකකාර විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියා නිත්‍යානුකූල විදුලි සැපයුමක් නිවසට සපයා තිබියදී අමතර වයරයක් යොදා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි කණු වලින් විදුලිය ලබා ගැනීම ලබා ගෙන අමතර ලාම්පු දැල්වීම සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
හිතන්නේ නැති තැන්වල මදුරුවෝ බෝවෙලා තියෙන්නේ - අපිටත් පාලනය කරගන්න බැරිවෙයි
03:20
Video thumbnail
කොළඹ සරසවියේ දේශන සතියක් ඔන්ලයින් - සිසුන් 71කට ඩෙංගු..උප කුලපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
05:33
Video thumbnail
ඩෙංගු පරික්ෂාවට ගිහින් බත්තරමුල්ල PHI සැරවෙයි - මෙන්න පේනවද අම්බානෙක මදුරුවෝ
10:05
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර - සංවේදී දර්ශන සහිතයි
01:25
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන හඬ පටයක් දාලා ආණ්ඩුවට කට උත්තර නැති කරයි - දැන් ආණ්ඩුවට කියලා දෙන්න වෙලා
09:47
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01