හොරෙන් රටට ගෙනා නිමි ඇඳුම් බහාලුම් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස රට තුළට ගෙන ඒමට තැත් කළ නිමිඇඳුම් අඩංගු බහාලුම් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නීතිවිරෝධී බහාලුම් අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රේගු අධිකාරියේ මධ්‍යම බුද්ධි අංශ නිලධාරීන් විසින්.

අදාළ බහාලුම් පරීක්ෂා කිරීම අද (10) පස්වරු 3.30ට ඔරුගොඩවත්ත ග්‍රේලයින් 01 අංගනයේ දී සිදු කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.