හොරෙන් මෙරටට ගෙන්වූ විදේශීය දුම්වැටි හා මත්පැන් තොගයක් අල්ලයි

තීරුබදු රහිත ව මෙරටට ගෙන්වන ලද විදෙස් මත්පැන් හා දුම්වැටි සමග පුද්ගලයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) පස්වරුවේ මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුව පොලිස් වසමේ 03 වැනි හරස් වීදියේ දියි.

පොලිස් නිලධාරින්ට ලද තොරතුරකට අනුව සැකකරුව පරීක්ෂා කිරීමේ දී ඔහු සතුව විදෙස් මත්පැන් බෝතල් 210ක් සහ දුම්වැටි 50,000ක් (කාටුන් 250) ක් සමග සොයා ගැනුණා.

අත් අඩංගුවට ගත් සැකකරු 54 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්