හොරෙන් පැන්නූ දුරකථන අධිවේගයේදී කොටුවෙයි (වීඩියෝ)

නීති විරෝධී ලෙස ආනයනය කළ ජංගම දුරකථන 323ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන ගිය මෙම ජංගම දුරකථන වෑන් රථයක් මගින් අධිවේගී මාර්ගයේ රැගෙන යමින් සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් ඊයේ සවස අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම ජංගම දුරකථන තොගය අතර භාවිතා නොකළ නව ජංගම දුරකථන 246ක් සහ විදේශ රටවල භාවිතා කළ ජංගම දුරකථන 77ක් හමුවී තිබෙනවා.

කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු සහ වත්තල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු මෙම ජංගම දුරකථන තොගය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන කොළඹ බලා රැගෙන යමින් සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් ක්ෂණික මාර්ග බාධකයක් යොදා වෑන් රථය නවතා වැටලීම සිදු කර තිබුණා.

අත් අඩංගුවට ගත් ජංගම දුරකථන තොගය, සැකකරුවන් දෙදෙනා සහ වෑන් රථය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිසියට භාර දී තිබෙනවා.

  1. This is joke. Nothing can be taken out from the passenger terminal without passing Customs area. These goods are passed by the Customs Officers taking bribes. Police should investigate how it came out without seen by the Customs and the Customs boss on duty at that time must be questioned. definitely he is answerable



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14