spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොරෙන් පැන්නූ දුරකථන අධිවේගයේදී කොටුවෙයි (වීඩියෝ)

නීති විරෝධී ලෙස ආනයනය කළ ජංගම දුරකථන 323ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන ගිය මෙම ජංගම දුරකථන වෑන් රථයක් මගින් අධිවේගී මාර්ගයේ රැගෙන යමින් සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් ඊයේ සවස අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම ජංගම දුරකථන තොගය අතර භාවිතා නොකළ නව ජංගම දුරකථන 246ක් සහ විදේශ රටවල භාවිතා කළ ජංගම දුරකථන 77ක් හමුවී තිබෙනවා.

කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු සහ වත්තල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු මෙම ජංගම දුරකථන තොගය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන කොළඹ බලා රැගෙන යමින් සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් ක්ෂණික මාර්ග බාධකයක් යොදා වෑන් රථය නවතා වැටලීම සිදු කර තිබුණා.

අත් අඩංගුවට ගත් ජංගම දුරකථන තොගය, සැකකරුවන් දෙදෙනා සහ වෑන් රථය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිසියට භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?