හොරෙන් පවත්වාගෙන ගිය විදෙස් රැකියා ඒජන්සියක් වටලයි

කුලියට ගත් නිවසක බලපත්‍ර නොමැති ව නිතිවිරෝධී ලෙස විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමේ දී එම ස්ථානයේ තිබී විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 32 ක්, ජාතික හැඳුනුම්පත් 3ක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පුද්ගලික ආයතනවලට අයත් නිල මුද්‍රා 9ක්, ග්‍රාම සේවා සහතික 5ක් සහ උප්පැන්න සහ විවාහ සහතික 9ක් ද පොලිස් භාරයට ගැනුණා.

නීතිවිරෝධී අයුරින් විදේශ රැකියා නියෝජිත ආයතනයක් රාගම – සිරිවර්ධන පාරේ පවත්වාගෙන යන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකකය වෙත ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මෙම නිවස රුපියල් 8,500 කුලී පදනම මත මීට මාස 6කට ඉහත දී ලබාගෙන ඇති බවටයි හෙළි ව ඇත්තේ.

ඉතාලිය ඇතුළු විවිධ රටවල්වලට යවන බව පවසා සැකකරු පුද්ගලයගෙන් රුපියල් ලක්ෂ තුනේ සිට ඊට ඉහළ
ගණන්වලින් මුදල් ලබාගෙන ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 67ක් වන නුගේගොඩ – මහර පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14