හොරා පොලිස් කල්ලියේ 10ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ප්‍රදේශ කිහිපයකින් මුදල් සහ දේපළ සොරකම් කළ සැකකරුවන් 10 දෙනෙකු හොරණ, පොකුණුවිට ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් මිල්ලනිය, කහතුඩුව, අඟුරුවාතොට, පාදුක්ක, කොස්ගම, ඉංගිරිය, කිරිඳිවැල සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල කොල්ලකෑම් සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ලැබුණු තොරතුරක් මත හොරණ, පොකුණුවිට ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10.18ක් සමඟ මෙම පිරිසේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ප්‍රශ්න කිරීම්වලදී සෙසු සැකකරුවන් 9 දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය ප්‍රකාශ කළා.

ප්‍රධාන සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම සඳහා ලබන 25 වනදා දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඉතිරි සැකකරුවන් අතරින් එක් අයෙකු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරු මත ත්‍රිරෝද රථ 02ක්, යතුරුපැදි 06ක්, රන් පොලු 03ක්, කඩු 02ක්, කඩු 02ක්, පොලිස් යනුවෙන් මුද්‍රණය කරන ලද ජැකට් සහ ටී ෂර්ට් කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46