spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොරා පොලිස් කල්ලියේ 10ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ප්‍රදේශ කිහිපයකින් මුදල් සහ දේපළ සොරකම් කළ සැකකරුවන් 10 දෙනෙකු හොරණ, පොකුණුවිට ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් මිල්ලනිය, කහතුඩුව, අඟුරුවාතොට, පාදුක්ක, කොස්ගම, ඉංගිරිය, කිරිඳිවැල සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල කොල්ලකෑම් සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ලැබුණු තොරතුරක් මත හොරණ, පොකුණුවිට ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10.18ක් සමඟ මෙම පිරිසේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ප්‍රශ්න කිරීම්වලදී සෙසු සැකකරුවන් 9 දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය ප්‍රකාශ කළා.

ප්‍රධාන සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම සඳහා ලබන 25 වනදා දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඉතිරි සැකකරුවන් අතරින් එක් අයෙකු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරු මත ත්‍රිරෝද රථ 02ක්, යතුරුපැදි 06ක්, රන් පොලු 03ක්, කඩු 02ක්, කඩු 02ක්, පොලිස් යනුවෙන් මුද්‍රණය කරන ලද ජැකට් සහ ටී ෂර්ට් කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?