හොරාට ආ චීනා මිතුරන් දෙදෙනා සමඟ එක්ව ගුවන්තොටේ යකා නටලා

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු අද (19) අලුයම අත්අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් විසින් පියවර ගැනීමේ දී එම චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය තුළ කළහකාරී ලෙස හැසිරී ඊට බාධා එල්ලකර තිබෙනවා.

එම අවස්ථාවේ ඔහු සමඟ පැමිණි තවත් චීන ජාතිකයෙක් සහ ඊජිප්තු ජාතිකයෙකු ද එම චීන ජාතිකයාට සහාය පළකරමින් කළහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

ව්‍යාපාරිකයන් බව පවසමින් චීන ජාතිකයන් දෙදෙනෙකු සහ එක් ඊජිප්තු ජාතිකයෙකු ඊයේ (18) රාත්‍රියේ 09.50ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරණ ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ආසන පහසුකම් යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙලෙස පැමිණි විදෙස් ජාතිකයින් තිදෙනා මෙරටට ඇතුළු වීම සදහා සිය නිශ්කාශන කටයුතු කරගැනීම සදහා ආගමන විගමන කවුළුව වෙත පැමිණ ඇත්තේ පැය දෙකකට පමණ පසුවයි.

මෙහි සිටි එක් චීන ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ ආගමන විගමන නිලධාරීවරයා වෙත අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පිළිබඳව හට ගත් සැකය මත මෙම ගුවන් ගමන් බලපත්‍රය සහ ඔහුගේ අනෙකුත් ලියකියවිලි, කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ඇති දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත ඉදිරිපත් කිරීමට එහි සේවය කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ පුද්ගලයෙකුගෙන් සොරා ගෙන, එහි ජීව දත්ත පිටුව වෙනස් කර කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

පසුව ඔහුගෙන් දීර්ඝ ලෙස මේ පිළිබඳව කරුණු විමසා සිටියදී , ඔහුගේ සැබෑ චීන ජාතික ගුවන් ගමන් බලපත්‍රය සොයා ගෙන , ඔහු චීන ජාතිකයෙකු බව සනාථ කර ඇති බව සඳහන්.

මෙම චීන ජාතිකයා ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කර ඇත්තේ ද, මෙසේ කූඨ ලෙස සකස් කළ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රය බවඑය නිරීක්ෂණය කිරීමෙන් තහවුරු කරගෙන තිබෙනවා.

පසුව මෙම චීන ජාතිකයා ආපසු ඩුබායි වෙත පිටත්කර හැරීමට එමිරේට්ස් ගුවන් සේවය වෙත භාරදීම සදහා කටයුතු කිරීමේදී, එසේ නොකරන ලෙස බල කරමින් බලපෑම් සහගත දුරකථන ඇමතුම් රාශියක් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය වෙත ලැබී තිබුණි .

වම ඇමතුම් නොසළකා මොහු ආපසු යැවීමට පියවර ගැනීමත් සමඟ, මොහු සිය මිතුරන් දෙදෙනා ද සමඟ ගුවන් තොටුපොළ ආගමන විගමන පරිශ්‍රයේ කළහකාරී ලෙස හැසිරීමට කටයුතුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී එක් චීන ජාතිකයෙකු ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක් තුළ සැගවී සිට තිබෙනවා.

එසේම මොවුන් තිදෙනා තමන්ට ශ්‍රී ලංකාව තුළට පිවිසීම සදහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් අල්ලස් ලබාදීමට ද කීපවරක්ම උත්සාහ කර ඇති බව සඳහන්.

ඉන්පසුව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, ආගමන විගමන නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් මහත් වෙහෙසක් දරා මොවුන් පාලනය කර අද (19) දින උදෑසන යළිත් ඩුබායි වෙත පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් යානය පැමිණෙන තෙක් , එම ගුවන් සේවා රැදවුම් කුටියේ මොවුන් තිදෙනා රඳවා තැබීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56