හොර්ටන්තැන්නට ගිය බස් රථයක් අනතුරක – වාහන ඇතුල් කිරීම තාවකාලිකව නතර කරයි (ඡායාරූප)

හොර්ටන්තැන්න නැරඹීමට පවුලේ පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් ඊයේ (29) පස්වරුවේ සිට හොර්ටන්තැන්නට ඇතුල්වන වාහන තාවකාලිකව නතර කළ බවයි පට්ට්පොල පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ.

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ සිට 20 දෙනෙකුගෙන් සමන්විත පවුලේ සමාජිකයන් පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කිරිමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ හොර්ටන්තැන්න පාරිසරික කලාපයේ සංචාරයට පැමිණ තිබුණා.

ඔවුන් ආපසු නුවරඑළිය දක්වා ගමන් කරන අතරතුර පස්වරු 4.30ට පමණ අධික බෑවුමක් සහිත ප්‍රදේශයක දී ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් බසය නතර කර ගැනීමට රියදුරා ගත් උත්සාහය හමුවේ එය ප්‍රධාන මාර්ගය අභියස පස් කන්ඩියක ගැටී මාර්ගය හරහා පෙරළී ගොස් තිබෙනවා.

බස් රථ රියදුරාගේ දක්ෂතාවය හේතුවෙන් සිදු වීමට ගිය විශාල අනතුරක් වැළකී ගිය බවත්, අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැති බවත් පොලිසිය සඳහන් කළා.

මාර්ගය හරහා පෙරලුණු බස් රථය ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ට්ට්පොල පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ඇති බස් රථය ඉවත් කිරීමෙන් අනතුරුව හොර්ටන්තැන්නට වාහන ඇතුල් කිරීමට අවස්ථාව ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42