හොරකම් කරන අයට යන්න වෙනම අපායක් හදන්න වෙනවා

මිනිස්සු අමාරුවෙන් ඉන්න වෙලාවක දේශපාලනඥයෙක් හරි රාජ්‍ය නිලධාරියෙක් හරි හොරකම් කරන්න සල්ලි නාස්ති කරන්න කටයුතු කරනවා නම් මම හිතන්නේ මේ අයට වැහි නැති හෙණ වදීවි යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ වීරකැටිය දෙබොක්කාව ප්‍රදේශයේදී පෝෂණ ආහාර බෙදාදීමේ වැඩසටහනකට අද (5) සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

පාර්ලිමේන්තුවේ තත්ත්වය ගැන ඉතාමත් කණගාටුදායකයි. 1994 ඉඳලා මම මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ වගේ අප්‍රසන්න සිදුවීම් වෙන පාර්ලිමේන්තුවක් මම දැකල නැහැ. පාර්ලිමේන්තුව සජීවීව නරඹන්න ජනතාවට අවස්ථාව දෙන්නැයි අපි යෝජනා කළේ එතකොටවත් මේ මන්ත්‍රීවරු හික්මීමෙන් කටයුතු කරයි කියල හිතලයි. මොකද එතකොට ඡන්ද දායකයෝ බලන් ඉන්නවනෙ.

අද ඡන්ද දායකයොන්ටවත් බයක් නැති මහජන නියෝජිතයො පිරිසක් බිහිවෙලා ඉන්නවා. අඩු තරමේ තමන්ගේ ඡන්ද දායකයොන්ට විශ්වාසය කැඩෙනවා කියලවත් බයක් නැහැ. කුණුහර්ප කියනවා, කෑගහනවා, ගහගන්නවා. මේ දවස්වල පාසල් දරුවන්ට ගැලරිය වහල තියන නිසා හොඳයි. නැත්නම් ඉතින් වැඩිහිටියන්ට පමණයි බෝඩ් දාගෙන ඉන්න තත්ත්වයට පත්වෙන්න වෙලා තිබෙන්නේ.

ඇඟේ පතේ හයිය පෙන්වන්න පාර්ලිමේන්තු යන්න ඕනෑ නැහැනේ. ඒකට වෙන තැන් තියෙනවා. මොළේ පාවිච්චි කරල වැඩ කරන්න ඕන තැනක්. ව්‍යවස්ථාව ගැන රටේම වැදගත් තීරණ ගන්න තැන මෙහෙමනම් හැසිරෙන්නේ කොහොමද රටක් ඉස්සරහට ගෙනියන්නේ. මහජනතාවටත් වගකීමක් තිබෙනවා. ගමේ වැඩ නොකෙරුණත් විනීතව හැසිරෙන්න කියන්න.

කතානායකවරයා මීට වඩා බලය පාවිච්චි කරනවා නම් මීට වඩා සුදුසුයි. මීට වැඩිය තදින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව තිබෙනවා. ආණ්ඩු පක්ෂයද විරුද්ධ පක්ෂයද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. පාර්ලිමේන්තුව නිසිමඟට ගන්න ඕනෑ.

මිනිස්සු අමාරුවෙන් ඉන්න වෙලාවක දේශපාලනඥයෙක් හරි රාජ්‍ය නිලධාරියෙක් හරි හොරකම් කරන්න සල්ලි නාස්ති කරන්න කටයුතු කරනවා නම් මොකක්ද රටට වෙන්නේ. මම හිතන්නේ මේ අයට වැහි නැති හෙණ වදීවි. මේ වෙලාවේ මිනිස්සු ඉන්නේ ඉතාමත් අමාරුවෙන්. රට තිබෙන්නේ අමාරු තත්ත්වයක. ඒ අස්සෙත් කවුරුහරි හොරකම් කරනවා නම් මොන අපායටද යන්නෙ. වෙනම අපායක් හදන්න වෙනවා” යැයිද කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23