හොඳ පදමට වදින අරක්කු කාලට ආදරේ මිනිස්සු

2018 දී අරක්කු කාලේ බෝතල් 10, 55, 32,169ක් මිනිස්සු බීලා තියෙනවා. එම හිස් බෝතල්වලින් සියයට 100ක්ම පරිසරයට වීසි කරන බව තහවුරු වුනා. ඒ නිසා කාලේ බෝතල් තහනම් කිරීමට කටයුතු කරනවා යනුවෙන් පරිස​ර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මිලි ලීටර් 180 නැතහොත් අරක්කු කාලේ බෝතල් විශාල පාරිසරික ගැටළුවක් වී තිබෙනවා. මේවා පාවිච්චි කරන අය ඒවා බැහැර කරන්නේ පරිසරයට. සමහර බෝතල් එකතු කරන අයවත් මේවා එකතු කරන්නේ නැහැ. ඒ වගේම ඒවා නිෂ්පාදන සමාගම්වත් කාලේ හිස් බෝතල් එකතු කිරීමේ වැඩ පිළීවෙළක් ක්‍රියාත්මක කරන්නේ නෑ. මම පරිසර අමාත්‍යවරයා ලෙස පත් වුනාට පසුව කාලේ බෝතල් තහනම් කරන ලෙස විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ඉදිරිපත් වුනා.

විශේෂයෙන් පරිසර සංවිධානවලින්. ඒ වගේම ගොවියන්ගෙන්. සමහරු මේ කාලේ අරක්කු බීලා හිස් බෝතලේ කුඩු කරලා කුඹුරුවලට වීසි කරනවා. කුඹුරු වැඩ කරන ගොවියන්ගේ කකුල් වීදුරු කටුවලට කැපිලා සමහර විට මාස ගණන් ප්‍රතිකාර පවා ගන්න සිදුවෙනවා. ඒ නිසා මම මෙම කාලේ බෝතල් තහනම් කිරීමට සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවා. නමුත් කිසිදු ආයතනයකින් මට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.නමුත් දැන් මේ සම්බන්ධව ආයතන රැසක අවධානය යොමු ව තිබෙනවා.

ඒ නිසා මිලි ලීටර් 180 බෝතල් තහනම් කිරීම ක්‍රියාත්මක කිරීමට මම අවශ්‍ය පියවර ගන්නවායි පරිසර අමාත්‍යවරයා පැවසීය. 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (20) අනුරාධපුර ථූපාරාම පෙත් මඟ දෙපස රුක්රෝපණය කිරීමේ වැඩ සටහනකට සහභාගි වෙමිනි. පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන හුස්ම දෙන තුරු වැඩ සටහන යටතේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිනි.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා-

මම මේ වැඩ සටහනට සහභාගි වීමට පෙර අපේ රටේ මත්පැන් පානය කරන අය පිළිබඳ තොරතුරු හොයලා බැලුවා. 2018 වර්ෂයේ අපේ රටේ අලෙවි වී ඇති අරක්කු බෝතල් ප්‍රමාණය විසි කෝටි දොළොස් ලක්ෂ විසිහත්දහස් එකසිය අසූ එකක් ( 20,12,21,181). එයින් බෝතල් දස කෝටි පනස් පන් ලක්ෂ තිස් දෙදහස් එකසිය හැට නවයක් ( 10, 55, 32,169ක්) අරක්කු කාලේ බෝතල්. සමස්ත අරක්කු බෝතල් ප්‍රමාණයෙන් සියයට 52ක් මිලි ලීටර් 180 නැත්නම් කාලේ බෝතල්. ප්‍රධාන කාරණය වන්නේ 2017 ට සාපේක්ෂව 2018 යම් අඩු වීමකුත් සිදු වී තිබෙනවා කියළා එම තොරතුරු සඳහන් කරනවා.

මේවායින් සියයට 05ක් වත් ප්‍රතිචක්‍රියකරණය කරන්නේ නැහැ. ඒ වාගේම ආපසු එකතු කරන්නේ නැහැ. ඒ නිසා මේ මිනිසුන් බොන අරක්කු කාලේ බෝතල්වලින්   සියයට 100ක් ම පරිසර විනාශයට හේතු වෙනවා. අනික් කාරණය තමයි 2018 වර්ෂයේ අරක්කු බාගේ බෝතල් හාරකෝටී තිස්එක් ලක්ෂ පහළොස්දහස් නවසිය විස්සක (4,31,15,920) බෝතල් ප්‍රමාණයක් ද සම්පූර්ණ මි.ලී. 750 බෝතල් පන්කෝටි විසිපන් ලක්ෂ හැටඅටදහස් අනූදෙකක (5,25,68,092) ක ප්‍රමාණයක් ද පාවිච්චි කර තිබෙනවා.

එමනිසා මිනිසුන් විසින් මේ සිදු කරන පරිසර විනාශය ගැන සමහර විට ඒ මිනිස්සුම දන්නේ නැහැ. මම පසුගිය දිනවල සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ගංගා කිහිපයක ව්‍යාපෘති සඳහා සහභාගි වුනා. එහිදී දුටු කාරණයක් තමයි සමහර ගංගා ඉවුරුවල අරක්කු බෝතල් , වගේම ඒවා බොන්න මිශ්‍ර කරන්න ගෙනාපු ප්ලාස්ටික් බෝතල් ගොඩ ගහළා. වැස්සක් වැහැපු ගමන් මේවා ගංගා ඇළ දොළවලට එක්වෙලා ජලය අපවිත්‍ර වෙනවා. මට ආරංචි වුනා පසුගිය දිනවල ඇද හැළුනු වැස්සට මහවැලි ගඟේ ස්ථාන ගණනාවක දහස් ගණන් ප්ලාස්ටික් බෝතල් එකතු වෙලා තියෙන බව.

සමහරු මට ඡායාරූප පවා එව්වා. සමහරු අරක්කු බෝතලේ බීලා ඒක කුඩු වෙන්ඩ ලයිට් කණුවට දමලා ගහනවා. ඒ බෝතල් කටු වැටෙන්නේ වගා ඉඩම්වලට. මේ නිසා විශේෂයෙන් අරක්කු කාලේ බෝතල් තහනම් කිරීම සඳහා නැවතත් එම සාකච්ඡා මෙම සතිය තුළ මම ආරම්භ කරනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23