හේෂානි පිළිකා රෝහලේදී හදිසියේම කොණ්ඩය කැපු හේතුව හෙලි කරයි

මගේ කොණ්ඩේ ඩොනේට් කළා. ඒක මගේ පුංචි කාලේ ඉඳලා තිබුණු ආසාවක්. ඒ වගේම මගේ අම්මා කොවිඩ් හැදිලා අමාරුවෙලා ඇම්බියුලන්ස් එකේ ගෙනියන දවසේ මම හිතින් හිතුවා සනීප වෙලා ආවාම මගේ කොණ්ඩේ පිළිකා රෝගියකුට දෙනවා කියලා. ඒක ඒ විදියටම ඉෂ්ට වුණා. ඒක මට හරි සතුටක්…’

පිළිකාවකට ගොදුරු වුණු කෙනෙකුගේ කොණ්ඩය ඒ ඖෂධවල සැරට ඉක්මනට හැලෙන බව අපි කවුරුත් දන්නවා. එහෙම කෙනෙක්ට කොණ්ඩයක් දෙන්න පුළුවන් නම් ඒකත් උතුම් පින්කමක්. පිළිකාවක් කියලා දැනගත්තාම ඒ රෝගියාගෙ ජීවිතය ඒත් එක්කම කඩාවැටෙනවා. ජීවිතය නවතිනවා. එහෙම කෙනකුට ධනාත්මකව හිතන්න ඔහුව යළි නැඟිට්ටවන්න අත දෙන්න පුළුවන් නම් කොයිතරම් දෙයක්ද? ඔවුන් නොකිව්වාට හිත්වලින් මරණයට හරි බයෙන් ඉන්නේ. ඒත් ඔවුන් ජීවත් වන කාලය කෙටි වුණත් දීර්ඝ වුණත් ඒ කාලය තුළ එයාලත් ලස්සනට ඉන්න ඔනේ. ලස්සනට සමාජයට මුහුණ දෙන්න ඕනේ. එහෙම කෙනෙක්ට ශක්තියක් වෙන්න, ඔහුගේ සතුට තමන්ගේ සතුට කරගන්න පුළුවන් නම් ඒ තරම් උතුම් දෙයක් තවත් නැහැ. ඒ වගේ සතුටක් වෙනුවෙන් කැපවීමක් කරපු විශේෂ කෙනෙක් ගැන සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇතිවුණා.
අපි කවුරුත් දන්නා සිරස ‘වොයිස් ටීන්’ තුළින් සංගීත ක්ෂේත්‍රයේ පෙරළියක් කළ මේ විශේෂ කෙනා 16 හැවිරිදි එරන්දි හේෂානි. ඇයව බොහෝ දෙනෙක් හඳුනාගත්තේ ‘වොයිස් ටීන්’ වෙනුවෙන් හේෂානි ගායනා කළ ‘එගොඩහ යන්නෝ’ ගීතය හරහා. යූටියුබ් නාලිකාවේ එම ගීතය නැරැඹුම් වාර මිලියනයත් පසු කරන්නට සමත් වුණා.

තරුණ වියේ පසුවන දරුවකු තමන්ට එවැනි ජනප්‍රියත්වයක් ලැබෙද්දි පසුගිය දවසක කළ සත් ක්‍රියාව ගැනත් බොහෝ දෙනා කතා කරන්නට වුණා.

වාද්දුව ප්‍රදේශයේ පදිංචි හේෂානි වාද්දුව මධ්‍ය විද්‍යාලයේ සිසුවියක්. වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියක් සිටින ඇගේ මව ගුවන් විදුලි සංස්ථාවේ ‘ඒ’ ශ්‍රේණියේ ගායිකාවක් වගේම නැටුම් ගුරුවරියක්.

පිළිකා රෝගියකු වෙනුවෙන් තම හිසකෙස් පරිත්‍යාග කිරීම ගැන හේෂානි අපට කිව්වේ මේ වගේ කතාවක්.

‘මම මගේ කොණ්ඩේ ඩොනේට් කළා. ඒක මගේ පුංචි කාලේ ඉඳලා තිබුණු ආසාවක්. අපේ පවුලේ හැමෝටම කොවිඩ් හැදුණා. අම්මාට ටිකක් අමාරු වුණා. ඒ වගේම අම්මාට කොවිඩ් හැදුණා කියලා දැනගත්තේ රෑ දෙකට. තාත්තා කතා කරලා කිව්වා පොඩ්ඩි අම්මාට පොසිටිව් කියලා. ඒ අවස්ථාවේ අපි මානසිකව සෑහෙන්න වැටුණා. මගේ අම්මා කොවිඩ් හැදිලා ඇම්බියුලන්ස් එකේ ගෙනියන වෙලාවේ මම හිතින් හිතුවා සනීප වෙලා ආවාම මගේ කොණ්ඩේ පිළිකාවක් හැදුණු කෙනෙක්ට දෙනවා කියලා. ඒ දවස තමයි මට දුක හිතුණ දවස. මට දුකක්, හිත් රිදුමක් දිගටම තියන් ඉන්න කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ ටිකෙන් ටික අම්මා සුව අතට හැරුණා මගේ ප්‍රාර්ථනය ඒ විදියටම ඉෂ්ට වුණා. මට ඒක හරිම සතුටක්….’

මම මේ කොණ්ඩේ දුන්නාට පස්සේ ගොඩක් අය කතාකරලා මැසේජ් එවලා ඇහුවා අපිටත් කොණ්ඩේ දෙන්න ඕනේ, කොහොමද දෙන්නේ කියලා. ඒක ලොකු දෙයක්. මම ඒ ගැන ගෞරව කරනවා. මම මේ කොණ්ඩේ වැව්වේ රියැලිටි ෂෝ එක නිසයි. කොවිඩ් නිසා ගෙදරට වෙලානේ ඉන්නේ. පාසල් යන්නත් බැහැ. මම දිගට වැව්වා. ඊට පස්සේ මම අම්මගෙනුයි තාත්තගෙනුයි ඇහුවා මට මෙහෙම ආසාවක් තියෙනවා, අම්මයි තාත්තයි කැමැතිද කියලා. එතකොට එයාලා ඇහුවා කොච්චර හොඳ දෙයක්ද කියලා. ඔයා කැමැති දෙයක් කරන්න කිව්වා. මේ කාලේ හොස්පිට්ල් එකට දෙන්නත් බැහැ. ඒ නිසා මම කෙනෙක්ට පෞද්ගලිකව දුන්නා. අපේ පවුල පිනට දහමට ගොඩක් ළැදියි. තාත්තාගේ ආදර්ශය තමයි අපි සියලු දෙනා පිනට දහමට යොමුවෙන්න හේතු වුණේ. මම පුංචි කාලේ ඉඳන් සුබ කටයුත්තකට කලින් නොවරදවාම පන්සලට යනවා. අපි පන්සලෙන් පාසලෙන් තමයි ගුරුහරුකම් හොඳ නරක ඉගෙන ගන්නේ. බුද්ධ ධර්මය කියන්නේ දර්ශනයක්. ඒකට ළැදිව කටයුතු කළාම තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙනවා.’

‘මට අවුරුදු හතේදී අම්මා පුෂ්පා බකිනිගහවෙල ගුරුතුමිය ළඟට මාව සංගීතය හදාරන්න යොමු කළා. මගේ ජීවිතය ගැන මට අහිංසක ආඩම්බරයක් තියෙනවා. මම 2023 අවුරුද්දේ කලා විෂය ධාරාවෙන් තමයි උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ. මේ අතර සංගීත කටයුතුත් කරගෙන යනවා. මගේ සංගීත ජීවිතේ අමතක නොවන සිදුවීමක් තියෙනවා.

එදා වොයිස් ටීන් වේදිකාවේ සින්දු කියනකොට තාත්තා කෙනෙක් ඇවිත් මට කිව්වා මගේ දරුවාට ආසයි ඔයාව බදාගෙන කිස් එකක් දෙන්න කියලා. ඒ හැඟීම හරිම ආදරණියයි, ඒ නංගිගේ හදවතින්ම එන දේ නිසා. මගේ මේ ගමනට පවුලෙනුත් සහයෝගය ලැබෙනවා. මගේ අම්මා තමයි අපි තුන්දෙනාටම සින්දු කියන්න ඉගැන්නුවේ.’
‘මම කැමතියි මේ වගේ තවත් පින්කම් කරගෙන ජීවිතය විඳින්න. අපි ලෝකෙට ඉපදිලා තියෙන්නේ නිකම්ම කාලා බිලා මැරිලා යන්න නෙවෙයි. මොන යම් හෝ දෙයක් අපි කරන්න ඕනේ. ජීවිතයේ අපි හැම දේකටම ලිමිට් එකක් තියාගන්න ඕනේ. අපි ජීවිතවලට එන අභියෝග භාරගන්න ඕනේ. ඒවත් එක්ක දරුවන්ව බාහිර ක්‍රියාකාරකම්වලට යොමුකරනවන්න ඕනේ. සමහර අම්මලා ගෙදර නැහැ රැකියාවට යනවා. දරුවන්ට පාළුව දැනෙනවා. එතකොට තමයි ෆෝන්වලින් ගේම්ස්වලට යොමුවෙන්නේ. ඒකට ඇබ්බැහි වෙනවා. බාහිර ක්‍රියාකාරකම්වලට දරුවන්ව යොමු කළාම මනස හැදෙනවා.

සංගීත ක්ෂේත්‍රය ඔස්සේ රටට අභිමානයක් ගේන්න, අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න වගේම තව තවත් ආදර්ශවත් ක්‍රියාවන් තුළින් සමාජයට රටට යහපත් මෙහෙවරක් ඉටුකරන්න එරන්දි හේෂානි දියණියට අපේ සුභාශිංසනය පුද කරමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42