හේමාල් එක්ක මගේ සම්බන්ධයක් නැහැ.. ඕවා කටකතා…

වෙනස්ම ටෙලිනාට්‍යයක් තමයි ‘නාඩගම්කාරයෝ.’ ඒ නිර්මාණය තුළ ‘පාඨලි’ චරිතයට ජීවය දෙන සෙනාලි කාලෙකට පස්සේ නැවැත ටෙලි කරළියට ඇවිත්. ඒ ගැන කතා කරන අතරතුරදී ඇය ජනප්‍රිය රංගන ශිල්පියෙක් සමඟ පෙම් බඳින කතාවක් අපට ආරංචි වුණා. ඉතින් ඒ කතාවේ ඇත්ත, නැත්ත ගැනත් ඇයගෙන් ඇසුවා.

???? සෙනාලි මේ දවස්වල නැට්ටුක්කාරියක් ලෙසට ‘නාඩගම්කාරයෝ’ සමඟ කටයුතු කරන බව අපි දකිනවා. එය ගැන මුලින් කතා කරමුද?
‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘පාඨලි’ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ගමේ මාස්ටර්ගේ ලොකු දුවගේ චරිතය. හැබැයි ඉතින් ටිකක් සැර, පරුෂ චරිතයක්. මම කාලෙකට පස්සේ කරපු වෙනස්ම චරිතයක් කියලා කිව්වොත් හරි. හැබැයි ඉතින් මම ඒ තරමට සැර වුණේ සරත් කරන වැඩ නිසා. ඔහු එක්ක තමයි මගේ තරහව තියෙන්නේ.
???? හැබැයි ඉතින් එහෙම ආවාට – ගියාට නටන්නත් බැහැනේද?
ඔව් ඉතින්. පොඩි කාලේ මම කුලසිරි බුදවත්ත සර් යටතේ උඩරට නැටුම් හැදෑරුවා. ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයෙත් මම නටන නැටුම්වල අඩිය වුණත් හරියට තියන්න තමයි උත්සාහ කළේ. විවිධ අයගෙන් මතභේද එන නිසා. මොකද ඔබ පවසනවා වගේ නැටුම කියන දේ එහෙම ආවාට ගියාට නටන්න බැහැ. ප්‍රසන්ජිත් අබේසූරිය සර්ගෙන් මට ලොකු සහායක් ලැබුණා මේ ‘පාඨලි’ චරිතය ගොඩනඟා ගැනීමට. මම සම්බන්ධ වෙන හැම නිර්මාණයක් තුළින්ම රංගනය අවශ්‍ය හැම දෙයක්ම ඉගෙන ගන්න තමයි උත්සාහ කරන්නේ. ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍ය හරහා විශේෂයෙන්ම නාඩගම් සංස්කෘතියට ගැන මට ඉගෙන ගැනීමට පුළුවන් වුණා.
???? ‘පාඨලි’ගේ ආදරය සරත්ට හිමිවෙයිද?
සරත්ට හිමිවෙයිද? එහෙමත් නැත්නම් අහිමි වෙයිද කියලා කියන්න බැහැ. සරත් එක්ක තියෙන ගැටුම මොන විදියකට විසඳේවිද කියලා දැකබලා ගන්නට ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍ය දිගටම බලන්න වෙනවා.
???? 2020 වර්ෂය ඔබේ කලා දිවියට සිනමා පෙළහරක් ගෙන ඒමට තිබුණු වර්ෂයක් නේද?
පසුගිය වර්ෂයේ මම රංගනයෙන් දායක වූ සුවිශේෂී චිත්‍රපට රැසක් තිරගත වීමට තිබුණා. ඒත් කොරෝනා ප්‍රශ්නය නිසා සිනමා ශාලා වැසී තිබුණු නිසා චිත්‍රපට තිරගත වුණේ නැහැ. මමත් ගොඩාක් ආශාවෙන් හිටියේ ඒ චිත්‍රපට සියල්ලම
පසුගිය වසරෙම වගේ ආදරණීය රසිකා රසිකාවියන්ට දැකගන්න පුළුවන් වෙයි කියලා. එක වරම ඒත් නොහිතපු දෙයක් තමයි අපි හැමෝටම වුණේ.
???? එංගලන්තයේ ජීවත් වීම අත්හැරියාද?
රටවල් දෙකේම ජීවත් වීමේ අදහසක් තිබුණා. ඒත් මගේ පියා දැන් ජීවතුන් අතර නැති නිසා එංගලන්තයේ ජීවත් වෙන්න අදහසක් නැහැ මට. මොකද මගේ තාත්තා එක්ක ගෙවුණු ඒ ජීවිතය එංගලන්තයට ගියාම නැවැත මතක් වෙන නිසා එය මට දරාගන්න බැරි නිසා.
???? ඔබ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසට කටයුතු කළත් හිතේ පුංචි කලකිරීමකින් නේද ඔබ කටයුතු කරන්නේ?
මේ ක්‍ෂේත්‍රය ගැන මගේ කිසිම කලකිරීමක් නැහැ. හරිම ආසාවෙන් තමයි මම රඟපාන්නේ. කලාවට මම ආදරෙයි. නිර්මාණවලට සම්බන්ධ වෙලා ඒවා තිරගත වෙනකොට මම සතුටක් ලබනවා. නමුත් වැඩකටයුතුවලට කතා කරලා ඒ වැඩ ඒ විදියට හරියට නොකෙරෙන කොට කලකිරීමක් ඇති වෙනවා.
???? ඔබට සුවිශේෂී චරිත ලැබෙන්නේ හෙළ සිනමා රැජනියගේ දියණිය නිසා කියලා පවසනවා. ඇත්තද?
මගේ නැන්දා මාලනි ෆොන්සේකා බව ඇත්ත. නමුත් ඒ දැන හැඳුනුම්කමට මට චරිත ලැබිලා නැහැ. ඔහොම දේවල් මටත් අසන්නට ලැබිලා තියෙනවා. ඇයට මම ගරු කරනවා. නමුත් මගේ දක්‍ෂතාවක් තිබෙන බව නැන්දත් දකිනවා. මගේ දක්‍ෂතාවය දැන හඳුනාගෙන නිර්මාණවලින් මට ආරාධනා කරනවා. නැතුව හිතවත්කමට චරිත දෙන්නේ නැහැ මට. අපට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ලැබෙයි.
???? ජනප්‍රිය රංගන ශිල්පි හේමාල් රණසිංහ සමඟ ආදර කතාවක් ගොඩනඟුණු බව ඇත්තද?
අනේ එහෙම ආදර සම්බන්ධයක් අප අතර සිදුවෙලා නැහැ. ඔහු හොඳ සහෝදරයෙක් මට. ‘විජයබාකොල්ල’ චිත්‍රපටයේ ඔහු සමඟ මට දවස් ගානක් එකට වැඩ කරන්න ලැබුණා. ඒ දවස් කිහිපය තුළ ඔහුගේ හොඳ මනුෂ්‍ය ගතිගුණ මම දැක්කා. ඔහුගෙන් ලොකු සහායක් ලැබුණා මට ඒ චරිතය නිර්මාණය කිරීමට. එතැනින් එහාට අපි අතර කිසිම ආදර සම්බන්ධයක් ගොඩනැඟිලා නැහැ. මේ ක්‍ෂේත්‍රයේ ඉන්න හැම කෙනෙක්ම මට සහෝදරියක්ට වගේ තමයි ආදරය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32