spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හේතුවක් නොකියාම ෂොයිබ් මලික් BPL තරගාවලිය හැර යයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වෙමින් ෆෝචූන් බැරිෂාල් කණ්ඩායම නියෝජනය කළ පාකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් තරගාවලියෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

ෆෝචූන් බැරිෂාල් කණ්ඩායම වෙනුවෙන් තරග තුනක් ක්‍රීඩා කර සිටි මලික් මෙලෙස හදිසියේම තරගාවලිය හැරයාම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් දක්වා නැහැ.

එම කණ්ඩයමේ හිමිකරු මිසානුර් රහ්මාන් පැවසුවේ මලික්ගේ කොන්ත්‍රාත්තුව පෙබරවාරි 14 දක්වා පැවති බවත්, ඔහු තුන්වන තරඟයෙන් පසු පිටව යන බව තමන්ට සඳහන් කළ බවයි.

එමෙන්ම පෙබරවාරි 06 වනදා නැවත කණ්ඩායම සමඟ එක්වීමට අවශ්‍ය බව ද මලික් සඳහන් කළ බවයි ෆෝචූන් බැරිෂාල් හිමිකරු වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් මලික් යළි කණ්ඩායම සමඟ එක්කර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව ද ඔහු සඳහන් කළා.

ෂොයිබ් මලික් ඩුබායි හි සිටින ඔහුගේ පවුලේ අය හමුවීමට ගිය බවයි මිසානුර් රහ්මාන් වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පසුගිය 22 වනදා මීර්පූර් හි පැවති කුල්නා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී මලික් පන්දුවාරයක් තුළ පිට පිට නිපන්දු තුනක් යැවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකය විමර්ශනයක් අරඹා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඇෆ්ගනිස්ථාන පිතිකරු ඊබ්‍රහිම් සද්‍රාන් ද පසුගිය බ්‍රහස්පතින්දා ෆෝචූන් බැරිෂාල් සංචිතයෙන් ඉවත්ව ගිය අතර, මලික් සහ ඊබ්‍රහිම් වෙනුවට අහමඩ් ෂෙසාඩ් සහ අකිෆ් ජාවෙඩ් එම සංචිතය සමඟ එක්වීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?