හෙලිකොප්ටර යානා අනතුරකින් 6ක් මියයයි

පාකිස්තාන හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටී අතතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ පාකිස්ථානයේ නිරිතදිග ප්‍රදේශයට වන්නටයි.

බලුකිස්ථාන් පළාතේ හාර්නායි අසල පියාසර මෙහෙයුමක් අතරතුර හෙලිකොප්ටරය කඩා වැටී ඇති අතර කඩා වැටීමට හේතුවක් තවම සොයාගෙන නොමැත.එම යානයේ ගමන් ගත් නිලධාරීන් දෙදෙනෙකු ද ඇතුළුව එහි සිටි සෙබළුන් හය දෙනාම මිය ගිය බවයි සදහන් වන්නේ.