හෙරොයින් සහ අයිස් තොගයක් සමඟ අයෙක් වැල්ලම්පිටියේ දී අල්ලයි

හෙරොයින් කිලෝ 13යි ග්‍රෑම් 372 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 580ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලම්පිටිය, කොටිකාවත්ත ප්‍රදේශයේ දී ඊයේ (26) දින මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මාලඹේ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 80කට ආසන්න බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22