spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙරොයින් සමඟ අයෙක් පොලිස් දැලේ

ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිස් වසමට අයත් සුමේදගම ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මූලස්ථාන පොලිසිය සහ විශේෂ පොලිස් කාර්ය බළකාය එක්ව සිදුකළ වැටලීමකදීයි මෙම පුද්ගකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

36 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3යි ග්‍රෑම් 300ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව පැකට් 84ක අසුරා තිබූ හෙරොයින් තොගයක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩු හතරක් පවතින බව පොලීසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?