spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙරොයින් යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

රාජ්‍ය බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විශාල තොගයක් මෙරටට රැගෙන එමින් සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම මත්ද්‍රව්‍ය තොගය හෙරොයින් බවට සැක කරන බවයි.

අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේ දී මෙම හෙරොයින් යැයි සැක කරන මත්ද්‍රව්‍ය තොගය බහුදින ධීවර යාත්‍රාවකින් හමු වී තිබෙනවා.

ඒ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දියි.

මෙම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් පස්දෙනෙකු මේ වනවිට නාවික හමුදාව විසින් සිය භාරය යටතේ කොළඹ වරාය වෙත රැගෙන එමින් සිටින බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?