හෙරොයින් තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී අල්ලයි (වීඩියෝ)

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 400ක් පමණ දුර ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමක දී මෙම ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු ධීවර යාත්‍රාව ඊයේ (14) පස්වරුවේ ගාල්ල වරායට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

මෙම බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 150ක් පමණ තිබෙන බවට සැක කෙරෙන අතර, නාවික හමුදාව විසින් යාත්‍රාවේ අභ්‍යන්තර කොටස් පරීක්ෂා කරමින් පවතිනවා.