spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති දෙදින වැඩවර්ජනයක්

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ගැටලු කිහිපයකට විසදුම් ඉල්ලා හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති හෙට (02) සහ අනිද්දා (03) දෙදින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට උදෑසන 08 සිට දීපව්‍යාප්ත මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පෙබරවාරි 07 වැනිදා හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 17ක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර එය දින 09ක් පුරා පැවතුණි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම වර්ජනය අත්හිටුවූ අතර එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා එකඟ වූ තීරණ කිසිවක් මේ වනතෙක් ක්‍රියාත්මක නොවූ බව පවසමින් හෙට සිට දෙදින වැඩවර්ජනය ආරම්භ කරන බව වෘත්තිය සංගම් පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?