හෙද නිලධාරිණියක් ධාවනය කළ මොටෝරියක් ප්‍රපාතයකට පෙරළෙයි

හෙද නිලධාරිණියක් ධාවනය කළ මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, හැටන් සිට දික්ඔය මූලික රෝහල දක්වා සේවයට වාර්තා කිරීමට මෙම නිලධාරිණිය ගමන් කරමින් සිට ඇති බවයි.

ධාවනය කළ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 60ක් පමණ ප්‍රපාතයෙන් යුත් තේ වත්තට පෙරළී ගොස් ඇය තුවාල ලබා දික් ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ අද (30) පෙරවරු 08.30ට පමණ නෝර්වුඩ් – කැන්දගොල්ල වත්ත ප්‍රදේශයේදියි.

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයට ඉදිරියෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කර යෑමට උත්සාහ කිරිමේ දී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලොරි රථයේ ගැටීමට යෑමේ දි හෙද නිලධාරිණිය විසින් මෝටර් රථය තේ වත්ත දෙසට හැරවීමත් සමග එය පාලනයෙන් ගිලිහී ප්‍රපාතයට පෙරළී ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14