හෙදියට කරදර කළ පොලිස් නිලධාරියාට රැකියාවත් නැතිවෙයි

සේවය නිමවා නිවස කරා යමින් සිටි පුහුණුවන හෙද නිළධාරිනියකට අතවර කළ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබූ දොඩංගොඩ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩ තහනමකට ලක්කර තිබෙනවා.

දොඩංගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරි කළ 54 හැවිරිදි  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

ඊට අදාළ නියෝගය බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අත්සනින් යුතුව නිකුත්වී තිබෙනවා.

චෝදනා ලැබ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට ඇප මත නිදහස් කර ඇතැයි සඳහන්.

අධිකරණ ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව වෙතින් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලැබී ඇති බැවින් කළුතර සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කළ අභ්‍යන්තර විමර්ශනයකින් අනතුරුව මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගිය පෙබරවාරි මස 27 වනදා බස් රථයක ගමන් කරමින් සිටියදී බසයේදී ලිංගික හිංසනයක් සිදු වූ බව පැවසීමෙන් පසු මගීන් සහ පුහුණු හෙදියගේ සොහොයුරන් කිහිප දෙනෙකු එක්ව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලා අලුත්ගම පොලිසියට භාරදී තිබුණා.

ඒ අනුවයි අලුත්ගම පොලිස් ස්ථානය මගින් සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ දී සැකකාර පොලිස් නිලධාරියා විසින් අතවර කර තිබුණේ කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පුහුණු වන හෙදියකටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42