හෙදියට කරදර කළ පොලිස් නිලධාරියාට රැකියාවත් නැතිවෙයි

සේවය නිමවා නිවස කරා යමින් සිටි පුහුණුවන හෙද නිළධාරිනියකට අතවර කළ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබූ දොඩංගොඩ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩ තහනමකට ලක්කර තිබෙනවා.

දොඩංගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරි කළ 54 හැවිරිදි  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

ඊට අදාළ නියෝගය බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අත්සනින් යුතුව නිකුත්වී තිබෙනවා.

චෝදනා ලැබ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට ඇප මත නිදහස් කර ඇතැයි සඳහන්.

අධිකරණ ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව වෙතින් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලැබී ඇති බැවින් කළුතර සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කළ අභ්‍යන්තර විමර්ශනයකින් අනතුරුව මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගිය පෙබරවාරි මස 27 වනදා බස් රථයක ගමන් කරමින් සිටියදී බසයේදී ලිංගික හිංසනයක් සිදු වූ බව පැවසීමෙන් පසු මගීන් සහ පුහුණු හෙදියගේ සොහොයුරන් කිහිප දෙනෙකු එක්ව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලා අලුත්ගම පොලිසියට භාරදී තිබුණා.

ඒ අනුවයි අලුත්ගම පොලිස් ස්ථානය මගින් සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ දී සැකකාර පොලිස් නිලධාරියා විසින් අතවර කර තිබුණේ කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පුහුණු වන හෙදියකටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14