spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙදියට එන්නත වරදී – කාන්තාවක් රෝහලේ

පේරාදෙණිය ඔගස්ටාවත්තේ සිව්දරු මවකට උඩපේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී කොරෝනා නසන මොඩර්නා එන්නත එකම දින දෙවතාවක් ලබාදීම හේතුවෙන් රෝගී වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව පේරාදෙණිය රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඇගේ ස්වාමියා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇතැයි පේරාදෙණිය පොලිස්ථානයෙන් ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පුවත්පතකට පැවසුවා.

ගඟවට කෝරලයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල මඟින් මෙම ඵන්නත් ලබාදීමේ ක්‍රියාවලියේ දී ඵකම හෙදියක විසින් කිසිදු වගවිභාගයකින් තොරව තම බිරියට මෙසේ එකවර ඵන්නත් දෙකක් ලබාදීමෙන් අනතුරුව රෝගීවීමෙන් පසු ඵහි හදිසි වෛද්‍ය ප්‍රථිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාදී ඉන් පසුව තම බිරිය නිවසට කැඳවාගෙන යන ලෙසට තමාට උපදෙස් දුන් බවද ඵම රෝගී කාන්තාවගේ ස්වාමියා වූ වසන්ත ජයසංහ මහතා පවසා තිබෙනවා.

ඵදින රාත්‍රියේ එම කාන්තාවගේ රෝගී තත්ත්වය නැවත උත්සන්න වීමෙන් අනතුරුව ප්‍රථිකාර සඳහා වහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට රෝහලෙන් ලැබුණු උපදෙස් මත තමා පේරාදෙණිය පොලීසියටද පැමිණිල්ලක් කළ බවද වසන්ත ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?