හෙට හවස බොරැල්ලේ විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (07) පස්වරු 3.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ බොරැල්ල පොලිස් වසමේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ඒ, අනුව බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙස, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බරවාහන ඇතුල්වීම සීමා කිරීමට කටයුතු කර ඇති බවයි දැනුම් දෙන්නේ.

කාදිනල් හිමිපාණන්ගේ පූජක දිවියේ 50 වන ජුබිලි මහෝත්සවය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ උත්සවයක් හේතුවෙන් මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්