spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට සිට QR ක්‍රමවේදයට තෙල් ගහන්න එන අයට පොලිසියෙන් දැනුම්දීමක්

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම හෙට (01) සිට ආරම්භ වන බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ, අනුව අදාළ ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීමට උත්සාහ දරණ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය දැනුම් දෙනවා.

ඒ, සම්බන්ධයෙන් මේ වනවිට සෑම පොලිස් ස්ථානයක්ම දැනුවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

QR ක්‍රමවේදය හෙට (01) සිට ආරම්භවීමත් සමඟ මීට පෙර පැවති වාහන අංකයේ අවසන් ඉලක්කම මත පදනම් වූ ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ එලෙස ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේදයන් අවලංගු වනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
72
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?