හෙට සිට සංචාරකයන්ට රට විවෘතයි..

සංචාරකයන්ට හෙට සිට රට විවෘත කිරීමේදී කටුනායක හා මත්තල ගුවන්තොටුපොල වල ගත යුතු ගතහැකි සියළු සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයන් දිවයිනට පැමිණිම හරහා කොවිඩ් රට තුළ පැතිරයාමේ අවධානමක් නොමැති බවයි. මේ පිළිබද අනිසි බියක් ඇති කර ගතයුතු නැතැයි ඇමතිවරයා පෙන්වා දෙයි.

හෙට (21) සිට සංචාරකයන්ට රට විවෘත කිරීමේදී කටුනායක ගුවන්තොටුපොල ක්‍රියාකාරීත්වය පිළිබදව අද (20) නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඇමවරයා මේ බව සදහන් කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

හෙටසිට සංචාරකයන් පැමිණෙ මත්තල සහ කටුනායක ගුවන්තොටුපොලවල් වල සේවකයන්ට අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමන කරන ලෙස දැඩි ලෙස උපදෙස් දී තිබෙනවා. ගුවන්තොටුපොල කටයුතු හෙට සිට සාමාන්‍ය කරනය වුනත් එය සිදුවන්නේ සේවා අවශ්‍යතාවයන් හදුනා ගනිමින්. මේ සියළුම දෙනාට ආරක්ෂිත ඇදුම් කට්ටල මුඛ ආවණ, අත් ආවහණ සහ දෑත් පිරිසිදු කිරීම අනිවාර්යය කර තිබෙනවා. මෙම සෞඛ්‍ය නීති අනුගමනය නොකරන කිසිවෙකුට හෙට සිට ගුවන්තොටුපොල පරීශ්‍රය තුල කටයුතු කල නොහැකියි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොල පරිශ්‍ර තුල තීරුබදු රහිත සාප්පු, බැංකු සේවාවන් සහ වෙනත් ව්‍යාපාරික කටයුතුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට සිට විවෘත කෙරෙනවා.

දිවයිනට පැමිණෙන සංචාරකයන් සහ විදසේ ගත ශ්‍රමිකයන් වෙන් වෙන් මාර්ග දෙකක් ඔස්සේයි ගුවන්තොටුපොලෙන් පිටව යන්නේ විදෙස් ගත ශ්‍රමිකයන් සහ සංචාරකයන් අතර සම්බන්ධයක් ඇති වන්නේ නැහැ. සංචාරකයින්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයින්ටත් බෝ නොවීම සදහා අපි සියළුම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අනුවයි අපි මේ සියළු ක්‍රමවේදයන් හදලා තියෙන්නේ. සංචාරකයෙකු ඒ රටෙන් පිටවෙලා, කටුනායක හරි මත්තල හරි ගුවන්තොටුපොලින් රට ඇතළු වුන පස්සේ ඔහු අනුගමනය කල යුතු ක්‍රමවේදය අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා.

මේ සංචාරක ක්ෂේත්‍රයෙන් මිලියන 03කට ආසන්න පිරිසක් යැපෙනවා. සංචාරක ක්ෂේත්‍රය රටේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වනවා. මෙය කඩා වැටුනොත් රටේ ආර්ථිකය අවධානමේ.  පෙබරවාරි 19වෙනිදා ඉදලා අවුරුද්දකට ආසන්න කාලයක් අපි මේ රට සංචාරකයන්ට වහලා තිබුණා. මත්තල සහ කටුනායක ගුවන්තොටුපොල අපි භාවිතා කලේ විදේස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගේන්න විතරයි. අපි 70000කට අධික පිරිසක් දිවයිනට ගෙනල්ල තියෙනවා.

ප්‍රශ්ණය – ගුවන්තොටුපොල තුල සේවය කරන සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන ගෙන  ඇති පියවර මොනවාද?

පිළිතුර – අපි උපදෙස් දීලා තියෙනවා ගුවන්තොටුපොල සේවකයන්ට සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්න කියලා. සංචාරකයෙක් ලංකාවට එන්න  ඉස්සෙල්ලා පී.සී.ආර් පරීක්ෂාවකට ලක්වියි යුතුයි. ඔහුට අපේ රටට එන්න පුළුවං කොවිඩ් ආසාධියෙකු නොවන බව තහවුරු වුනොත් පමණයි. අපි ඩියුටි ෆී විවෘත කරලා තිබුනත් මේ ෂොප් වල සේවය කරන අය අනිවාර්යෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කල යුතුයි. ඔවුන් සංචාරකයන් පැමිනෙන විට සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් පැළද සිටීම අනිවාර්යය කර තිබෙනවා. ඒ වගේම මාස්ක්  පැළදීම අත් සේදීම අනිවාර්යයි.

ප්‍රශ්ණය – සංචාරක නියාම වැඩ සටහන පිළිබදව රටේ විවිධ කථාබහ තියෙනවා. නමුත් හෙට (21) ඉදලා ගුවන්තොටුපොල විවෘත කීරම අනතුරු දායක නැද්ද.

පිළිතුර – බල්ලො බිරුවට කදුපාත්වෙන්නේ නෑ. විපක්ෂය බලාපොරොත්තු උනේ රටේ සංචාරක පොකුරක් ඇති වෙයි කියලා. මේවනකොට යුක්‍රේණ සංචාරකයන් 1500ක් ඇවිල්ලා තියෙනවා. අලුත්ම වාර්තා අනුව කොවිඩ් ආසාදිතයන් හමුවුනෙ 04 දෙනයි.  ඒ 04දෙනා පිළිබදවත් සෞඛ්‍ය උපදෙස් අනුව අවශ්‍ය පියවර ගත්තා. ඒ නිසා විපක්ෂයේ බොරු බිල්ලන් මැව්වාට අපි අපේ ගමන නතර කරන්නේ නහැ.

– ප්‍රදීප් අනුර කුමාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16