හෙට සිට දින හතරක් පැය 23ක්ම විදුලිය

හෙට (06) දිනයේ සිට ලබන 09 වනදා දක්වා දෛනික විදුලි කප්පාදුව පැයක කාලයක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V,W කලාප සඳහා හෙට (06) සිට 09 වනදා දක්වා පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බවයි මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙන්නේ.