හෙට සිට කොළඹ නගර සභා සීමාවේ බුස්ටර් එන්නත ලැබෙන පිරිස

කොළඹ මහ නගර සභා සීමාවේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් මර්දන එන්නත් බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙට (10) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා අදාල පුද්ගලයිනට කෙටි පණිවුඩයක් යොමුකරන බවත්, ඒ අනුව අදාළ මධ්‍යස්ථානයක් වෙත පැමිණ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත හැකි බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කර සිටියේ.

කොවිඩ් මර්දන එන්නත් දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස තුනක් සම්පූර්ණ වූවන්ට බූස්ටර් මාත්‍රාව ලබාදෙන බවත් ඇය සඳහන් කර සිටියා.

කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඔස්සේ ද මෙම එන්නත් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව වෛද්‍යවරිය පැවසුවේ.

බූස්ටර් එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබූ වයස අවුරුදු 30ට වැඩි පිරිස 3,25,000ක් පමණ වන බව කී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය තමන්ට ලැබෙන දිනයට පැමිණ එන්නත ලබාගන්නා ලෙසත් අනවශ්‍ය ලෙස එන්නත්කරණ මධ්‍යස්ථාන අවට එක්රැස්වෙමින් එන්නත් ලබාගැනීමට උත්සාහ නොකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16